Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2019 13:00:41 Hours

පරම වීර විභූෂණ පදක්කම්ලාභී වීරෝදාර රණවිරුවන්ට උත්තමාචාරයක් ලෙස ‘උත්තමාචාර’ නමින් ග්‍රන්ථයක් එළිදක්වයි

මාතෘ භූමියේ පරමාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා යුදබිමේ සටන් වැදුණු, පරම වීර විභූෂණ පදක්කම්ලාභී (PWV) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝධාර රණවිරුවන් ජාතික වීරයන් බවට පත් කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම වස් පදක්කම්ලාභීන්ගේ වික්‍රමයන් හා ජිවිත කථාවන් ඇතුළත් ‘උත්තමාචාර’ නමින් ග්‍රන්ථය එළිදැක්වීම මෙන්ම විශේෂ සමරු කාසිය නිකුත් කිරීම, සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විශේෂ උත්සවයේ දී සිදුවිය.

ජාතික රණවිරු සැමරුම් උත්සව මාලාවට සමගාමීව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම ජාතික වැදගත්කමකින් යුත් විශේෂ උත්සවය සංවිධානය කරන ලදී. පරම වීර විභූෂණ පදක්කම්ලාභීන්ගේ ඥාතීන්, සම්භාවනීය අමුත්තන් ඇතුළු යුධ, නාවික, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූ මෙම උත්සවයට අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියට පෙර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරිණි. ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කර උත්සව කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කල අතර පරම වීර විභූෂණ පදක්කම්ලාභී විරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සහ කැපකිරිම් පිළිබිඹු කෙරෙන වීඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශන කරන ලදි.

සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, ‘දසවර්ෂාභිශේක’ සැමරුමට සමගාමීව (2009-2019) නිකුත් කරන ලද මුල්දින කවරය සහ සමරු මුද්දරය අතිගරු ජනාධිපතිතුමා විසින් එළිදක්වන ලදී. පරම වීර විභූෂණ පදක්කම්ලාභීන් යුද මෙහෙයුම්වලදී දැක්වූ වික්‍රමයන් හා ජිවිත කථාවන් ඇතුළත් චරිතාපදාන දෙවන විඩියෝ පටය මෙහිදි ප්‍රදර්ශනය කරන ලද අතර ‘උත්තමාචාර’ නමින් එළිදක්වන ග්‍රන්ථයේ පළමු පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් විසින් මාතෘ භූමියේ පරමාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා යුදබිමේ සටන් වැදුණු පරම වීර විභූෂණ පදක්කම්ලාභී (PWV) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝධාර රණවිරුවන් ජාතික වීරයන් බවට පත් කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘උත්තමාචාර’ ග්‍රන්ථයේ පිටපත් ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර කටයුතු සඳහා රුපියල් මිලියන 8 ක මූල්‍යමය චෙක්පතක් මෙහිදී ප්‍රදානය කරන ලදී. latest jordans | jordan Release Dates