Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2019 15:25:18 Hours

ජාතික රණවිරු සැමරුමට සමගාමීව යුද්ධ හමුදාව විල්පත්තුව වන උද්‍යානයේ රුක් රෝපණ ව්‍යාපෘතියක් දියත් කරයි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දශකයකට පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ රූපවාහිනී නාලිකාව සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

මරිච්චකඩ්ඩි 46 වන කිලෝමීටර් කණුව අසලදී සෙනසුරාදා (18) දින පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් ‘කොහොඹ’ පැළයක් රෝපණය කල අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් ක්‍රියාකාරීන්, ‘මනුසත් දෙරණ’ රූපවාහීනි නාලිකාවේ සහ සිලෝන් බිස්කට් සමාගමේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු 54, 56, 62, 21, හා 61 වන සේනාංකයන්හි සේනාකාධිපතිවරුන්, දෙරණ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂිකා වසන්ති නානායක්කාර මහත්මිය සහ ෆාම් ගාඩින් හෝටලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ බී. චන්ද්‍රසිරි මහතා විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම ව්‍යාපෘතියට ආශිර්වාද එක්කිරීම සඳහා සියලුම ආගමික පූජකවරු ද සහභාගි වූහ.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිතයින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව මරිච්චකඩ්ඩි 46 වන කිලෝමීටර් කණුව අසලදී පැළ රෝපණය කරන ලදී.

ප්‍රදේශයේ සියලුම ආගමික පූජකවරුන්, වන්නි නාවික පෙදෙසේ ආඥාපති රියර් අද්මිරාල් යු.එස්.පි. පෙරේරා, බලසේනාධිපතිවරුන්, වවුනියා දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා නිලධාරීන්, සෙබළුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ ප්‍රදේශවාසින් රැසක් සංවිධායකයින් සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව, මේ ජාතික මෙහෙවරේ පුරෝගාමීයා ලෙස කටයුතු කරන යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට සමගාමීව මුස්ලිම් පාසල් 10 කට පැළ 100 බැගින් ‘කොහොඹ’ පැළ 1000 ක් බෙදාදුන් අතර මීට අමතරව, රාමසාන් උපවාසය වෙනුවෙන් සිලෝන් බිස්කට් සමාගම (රිස්බරි චොකලට්) ත්‍යාග පර්සල් තොගයක් ද සිසුන් වෙත බෙදාදෙන ලදී.

“අද වනවිට වන රක්‍ෂිතය සහ රටේ පරිසරය විනාශ කරන සතුරන්ට එරෙහිව සටන් වැදිය යුතුයි. කෙසේවෙතත්, මහජනතාව අතර ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් ලෙස දෙරණ නාලිකාව අප සමඟ අත්වැල් බැඳගෙන සිටිම ගැන මම සතුටට පත්වෙනවා. එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම පොලීසිය ද අපට පූර්ණ සහයෝගය ලබාදෙනවා. මහජනතාවගේ සහයෝගය ලබාගැනීමෙන් මෙය සාර්ථකව ඉටු කළ හැකි කාර්යයක් බව අවධාරණය කළ යුතුය. කිසිදු වියදමක් දැරීමට නොමැති මෙය විශේෂ ව්‍යාපෘතියක් වනු ඇත. එබැවින්, අපට මහජනතාවගෙන් සහයෝගය අවශ්‍ය වනු ඇත. එමෙන්ම, අප බලාපොරොත්තු වන අපගේ මෙහෙවර ඉටු කිරීම සඳහා ඔබට හැකි තරම් වටිනා පැළ ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා ආසන්නතම හමුදා කඳවුරුවලට පැළ ලබාදිය හැකිය. රක්‍ෂිත වනාන්තරවල සිටුවන ලද පැළ වන ජීවීන්ගෙන් ආරක්‍ෂා කරගැනිම සඳහා විශාල ආරක්‍ෂිත වැටවල් ඉදිකිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවර ගෙන ඇත. ඒ වගේම, පැළ සිටුවීම ජලය සඳහා ද ආධාරක ව්‍යාපෘතියක් වනු ඇත. එබැවින්, මුහුණු පොතෙහි පුවත් පල කරනවා (posts in the Face Book) වෙනුවට මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස මම ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේදී ෆාම්ගාඩන් හෝටලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ බී. චන්ද්‍රසිරි විසින් යුද්ධ යුද්ධ හමුදාවේ දායකත්වය ඇගයුමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ. එදිනම, ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි රුක් රෝපණ වැඩසටහන් දියත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙරණ මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක දිගින් යුතු දක්‍ෂිණ අධිවේගි මාර්ගය දෙපස පැළ රෝපණය කරමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ පළමු අධියර 2018 අගෝස්තු මස 23 වන දින ක්‍රියාවට නංවන ලදී. Sportswear Design | Sneakers