Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2019 14:18:21 Hours

ආරක්‍ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවට සහතික විය.

රටේ සහ මහජනතාවගේ ආරක්‍ෂාව තර කළ හැකි එකම ආරක්‍ෂක කණ්ඩායම ආරක්‍ෂක හමුදාව වන අතර විවිධ පුද්ගලයින් විසින් පතුරුවන කටකතා සහ අසත්‍ය තොරතුරු වලට ගොදුරු නොවිය යුතුය. සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිසිය එක්ව දිවයින පුරා සියලුම පාසල්වලට ආරක්‍ෂාව ලබාදී ඇත. රට තුල කිසිදු ආරක්‍ෂාවක් නොමැති බවට පැතිරයන වාර්තා ප්‍රතික්ෂේප කරන අතර ආරක්‍ෂාව තහවුරු කිරීම ආරක්‍ෂක අංශයේ වගකිමයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක :

2019 අප්‍රේල් මස 21 වන දින අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දේශීය සහ විදේශීය පුරවැසියන් 250 කගේ පමණ ජීවිත අහිමි කරමින් තවත් සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

මෙම ඛේදවාචකය සිදු වූ මොහොතේ සිට, යුද්ධ හමුදාව ඇතුළු ආරක්‍ෂක හමුදා මෙන්ම පොලිසිය ද මෙම තත්ත්වය පාලනය කරගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බව ප්‍රකාශ කරන අතර හදිසි නීති රෙගුලාසි යටතේ සියලු බලතල රජය විසින් ත්‍රිවිධ හමුදාවන්ට පවරා ඇති බව දන්වා සිටියි.

ඒ අනුව, අවශ්‍ය සියළුම ස්ථානයන්ට ත්‍රිවිධ හමුදාව ආරක්‍ෂාව සපයා ඇති අතර ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරනු ලබයි. මෙම අපරාධය සිදු කළ අන්තවාදීන් සහ එවැනි අන්තවාදී ක්‍රියාවන් සිදුකිරීමට තවමත් අදහස් කරන අයවළුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ආරක්‍ෂක හමුදාවන්ට උපදෙස් සහ නියෝග ලබා දී ඇත.

මේ වනවිට තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් පවතින අතර ව්‍යාජ තොරතුරු මගින් නොමඟ යැවීමට උත්සහ දැරීමෙන් සහ කටකතා පැතිරවීමෙන් වැළකී සිටින ලෙසත්, බුද්ධිමත් ලෙස ක්‍රියා කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවේදී මහජනතාව අනවශ්‍ය බියක් ඇතිකොට නොගෙන අසත්‍ය ප්‍රකාශවලට බිය නොවන ලෙසත් ව්‍යාප්ත වන අසත්‍ය ප්‍රකාශ විචාර බුද්ධියකින් යුතුව තෝරා බේරාගෙන කටයුතු කරන ලෙසත් ඔබගේ හුරුපුරුදු ජනජීවිතයට එළඹීම සඳහා ත්‍රිවිධ හමුදාව දිවා රෑ නොබලා ඔබේ ආරක්‍ෂාව තහවුරු කරමින් සිටියි. වසර 30 ක් පුරා පැවති දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ත්‍රිවිධ හමුදාව කෙරෙහි මහජනතාව විශ්වාසය තබාගෙන රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔබගේ ආරක්‍ෂාව සඳහා නිරතුරුවම කැප වී සිටියි. ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ගයන් මේ වන විට ගෙන ඇත.

වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ:

2019 අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවේ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල කල අමානුෂික ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් මේ වනවිට ආරක්‍ෂක හමුදාව සහ පොලිසිය හඳුනාගෙන ඇති බව එතුමන් පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් හඳුනාගත් මෙම ප්‍රහාරය සඳහා සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් ගණනාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර බෝම්බ නිෂ්පාදය කිරීමේ විශේෂඥයින් ලෙස හඳුනාගත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ප්‍රහාරයෙන් මියගොස් ඇත.

ඉදිරියේ දී සැලසුම් කර තිබු ප්‍රහාර සඳහා යොදාගැනිමට බලාපොරොත්තුවෙන් ත්‍රස්තවාදීන් ස්ථාන කිහිපයක සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්ගේ ජන ජීවිත, මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවති. එයට ප්‍රධානම උදාහරණයක් ලෙස දිවයිනේ හදිසි නීතිය යටතේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇත. ඒ වගේම අපි මහජනතාව සමඟ එකතුවී ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොදු වැඩසටහන් කිහිපයක්ම දියත් කිරීමට පියවර ගෙන ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා:

දිවයිනේ සියලුම වරායන්වල ආරක්‍ෂාව තර කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇති අතර නුදුරු අනාගතයේදී සිදුවිය හැකි නීති විරෝධී ක්‍රියාකාරකම් වලක්වා ගැනීම සඳහා පූර්වාරක්‍ෂාව සලසා ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති:

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්‍ෂක විධිවිධාන කඩිනමින් තර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගන්නා ලදී.

ගොඩබිමේදී සියලු ගුවන්යානාවන්හී ආරක්‍ෂාව පිළිබඳ තර්ජනයක් එල්ල වී ඇති අතර එහිදී සිදු කෙරෙන පරික්‍ෂාවන් හේතුවෙන් අපහසුතාවයකට පත් වුවද එය සෑම කෙනෙකුගේම යහපත උදෙසා සිදු කරන කටයුත්තක් බව සිහි තබාගත යුතුය.

එමෙන්ම, ගුවන් ප්‍රහාරවලින් ඕනෑම අවදානමකට මුහුණදීමට පූර්ණ ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර බොරු කටකතා සහ අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව අනෙකුත් සහෝදර හමුදාවන් සහ පොලීසිය සමඟ සම්බන්ධීකරණ කටයුතු ඵලදායි ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. latest jordans | Women's Sneakers