Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2019 14:18:02 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය වන රක්‍ෂිතයෙන් ගංජා කිලෝ 140 කට වැඩි ප්‍රමාණයක් සොයාගනි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය ඉරිදා (05) දින සන්ධ්‍යාවේ චුන්ඩිකුලම් වන රක්‍ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි පාර්සල් කර තිබු කේරල ගංජා විශාල තොගයක් සොයාගැනිමට සමත්විය.

චුන්ඩිකුලම් වන රක්‍ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සොයාගත් මෙම පාර්සල් වල තිබි කේරල ගංජා කිලෝ 140.8 සොයාගත් අතර මෙම කේරල ගංජා තොගය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි සැකකෙරේ. මෙම අවස්ථාවේදී යුද්ධ හමුදා සාමාජිකයින් මේ පිළිබඳව විශේෂ කාර්ය බළකායට සහ පොලිසිය වෙත දැනුම්දී චුන්ඩිකුලම් වන රක්‍ෂිතය තුල සැරීසැරූ සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදෙන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත මෙම සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදි. url clone | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD