Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2019 11:09:59 Hours

හදිසි පිපිරීම් සිදුවු ස්ථානවලට යුද්ධ හමුදා භට පිරිස් යොදවයි

කොළඹ හා වෙනත් ස්ථාන කිහිපයක දේවස්ථානවල මෙන්ම කොළඹ අවට හෝටල් තුනක හදිසියේ සිදුවූ පිපිරීම් කිහිපයකින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට සහ විපතට පත්වූ ප්‍රදේශයන්හි ආරක්‍ෂාව සැපයීමට මේ වනවිටත් නැගෙනහිර සහ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව යුද්ධ හමුදා මූලස්ථානය වාර්තා කරයි.

තුවාල ලැබු රෝගින් හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ, කොළඹ දකුණ සහ මඩකලපුව රෝහල් වෙත ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැතීර යන බොරු කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට සවන් නොදී ජනතාව සන්සුන්ව සිටිය යුතුය.

එමෙන්ම, ආරක්‍ෂක අංශවල සියලුම සාමාජිකයන් සියලූ ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කිරීමට කැපවී සිටියි.

යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ අනෙකුත් විශේෂ ඒකකයන් පොලිසිය සමඟ එක්ව හදිසි පිපිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වයි. bridge media | NIKE HOMME