Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2019 10:41:59 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරී අරඹයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ පසුගිය සිකුරාදා (12) දින දියතලාව යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සිය ධූරයේ රාජකාරි භාරගත්හ.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ආගමික වතාවත් සඳහා සහභාගි වූහ.

නව ආඥාපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයින් අමතමින්, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරමින් යුද්ධ හමුදාවේ ප්‍රගතිය සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වාදුන් අතර වැඩසටහන අවසානයේ සියලුනිල තේපැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම, මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජාකාරී කරන ලදි.

තවද, එතුමන් 11 වන හා 12 වන සේනාංකයන්හි සේනාංකාධිපති, 111, 112, 121 හා 122 වන බලසේනාවන්හි බලසේනාධිපති සහ අණදෙන නිලධාරී තනතුරු රැසක් හොබවා ඇත. Sneakers Store | Sneakers