Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2019 14:09:27 Hours

යුද්ධ හමුදා ඉංජිනේරුවන්ගේ සහය ඇතිව අනුරාධපුරයේ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා මහල් 4 කින් සමන්විත වකුගඩු සැත්කම් මධ්‍යස්ථානයක්

යුද්ධ හමුදා 2 වන ඉංජිනේරු සේවා බලකායේ වෘත්තීය ඉංජිනේරු හා තාක්ෂණික සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන් 200 කට අධික පිරිසක් හා නාවික හමුදා මෙන්ම ගුවන් හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව මැදින් පුර පසලොස්වක පොහොය දිනට යෙදි තිබු සුභ මොහොතින් බදාදා (20) දින මහල් 4 කින් සමන්විත මෙත්සිරි සෙවන සුභසාදන හා පර්යේෂණාගාරය ජනතා අයිතියට පත්කරනු ලැබීය. එම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගීවූ අතර ඊට ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන්, යුද්ධ හමුදාධිපතිතුමන් හා නාවික හමුදාධිපතිතුමන් මෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සියගණනක්ද එක්විය.

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත 2016 වර්ෂයේ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා විසින් සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවන ලදි. ඒ අනුව, 2 වන ඉංජිනේරු සේවා බලකායේ වෘත්තීය ඉංජිනේරු හා තාක්ෂණික සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරනු ලැබිණී.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා කාමර 23 ක්, වාට්ටු 2 ක්, උපදේශක කාමර, පර්යේෂණාගාරයක් සහ අනෙකුත් වෛද්‍ය පහසුකම් සහිත අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර, එහි විදුලි සැපයුම සූර්ය පැනල මගින් සම්පූර්ණයෙන් ක්‍රියා කරන අතර, නිදන්ගත වකුගඩු රෝගි මධ්‍යස්ථානය වෙත හා අනුරාධපුර රෝහලට පැමිනෙන රෝගීන් සඳහා රාත්‍රී නවාතැන් පහසුකම් ද සැපයීමට හැකි ලෙස ඉදිකරනු ලැබු මෙම ගොඩනැගිලි සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු සිදු කිරිම සඳහා 2015 වර්ෂය සඳහා වෙන්කොට තිබු ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 437 ක මුදලක් ලබාදී ඇත. තවද පරිත්‍යාගශිලින්ගේ උපකාර මෙන්ම විවිධ පුද්ගලයින්ගේ ආශිර්වාදය ද මේ සඳහා හිමිවිය.

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රජාසත්කාරයක් ලෙස නිදන්ගත වකුගඩු රෝගි මධ්‍යස්ථානය ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතියෙහි කළමණාකරු මෙන්ම අණදෙන නිලධාරී ලෙස ලුතිතන් කර්නල් චමල් මහින්ද්‍ර රාජකාරී කළ අතර එතුමන්ගේ උපදෙස් මත 2 වන ඉංජිනේරු සේවා බලකායේ කපිතන් නිශාන්ත නානායක්කාර, ලුතිතන් ජේ. බී. සුරවීර, ලුතිතන් පියුමාල් සමරසේකර සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් හා උත්සාහයෙන් දිවා රෑ වෙහෙස මහන්සිය නොබලා කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා දායකත්වය ලබා දී ඇත.

බදාදා දින පැවැති උත්සවයේදි දුෂ්කර ප්‍රදේශයන්හි ජිවත්වන වැසියන් හට ගෘහස්ත ජල පිරිපහදු ඒකක 2000 ක් ලබා දුන් අතර එම අවස්ථාවේ දී රෝගීන් පස්දෙනෙකු සඳහා ජනාධිපතිතුමන් ගේ සුරතින් ගෘහස්ත ජල පිරිපහදු ඒකක පරිත්‍යාග කරන ලදී. තවද, දියවැඩියාව පරීක්ෂා කිරීමේ උපකරණ 200 ක් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා භාවිතා කළ හැකි රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ උපකරණ 200 ක් ද උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජනාධිපතිතුමන්ගේ සුරතින් පරිත්‍යාග කරන ලදි.

අතිගරු ජනාධිපතිතුමන් සමඟින් සමිපව කටයුතු කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාලගුණ විද්‍යා හා බද්ධ කිරීමේ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා දායකත්වය ලබා දුන් ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සමාජිකයන් හා ඊට සහයෝගය ලබා දුන් පිරිස සමඟින් මෙම ව්‍යාපෘතිය අවසන් වනතුරු එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා එක්ව සිටි යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මතක සටහනක් ලෙස අතිගරු ජනාධිපතිතුමා සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටියහ. Mysneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys