Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2019 11:00:23 Hours

58 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න පසුගිය සඳුදා (18) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළහ.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා රාජකාරි ආරම්භ කරන ලදී.

සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් විසින් භට පිරිස් ඇමතූ අතර සියලුනිල තේපැන් සංග්‍රයක් සඳහා ද එක්විය. මීට ප්‍රථම, 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් සුදත් පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමෙන් අනතුරුව 58 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සිය ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා සියලුම බලසේනාධිපතිවරුන් සහ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි වූහ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සිය ධූරයේ රාජකාරි භාරගැනිමට ප්‍රථම, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි සිදුකර ඇත. jordan Sneakers | 『アディダス』に分類された記事一覧