Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2019 14:09:26 Hours

ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 උපායමාර්ගයන්හි පිටපතක් යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධානීන් වෙත භාරදෙයි

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 දක්වා උපායමාර්ගික සැලැස්ම, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය බදාදා (13) දින පැවැති උත්සවයක් අතරතුරදී ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිල වශයෙන් අනුමත කරන ලදී.

මෙහිදි, බිම් බෝම්බවලින් ශ්‍රී ලංකාව නිදහස් කිරීම සඳහා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරි මධ්‍යස්ථානය (NMAC) මෙහෙයවන ජාතික බිම් බෝම්බ උපායමාර්ග නිල ලේඛණයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය නියෝජනය කරමින් සහභාගීවූ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් වෙත නිල වශයෙන් භාරදුන්හ. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන බිම් බෝම්බ ඉවත් කිරීමේ නියෝජිත ආයතනවල සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ සමාලෝචනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය සහ ඉංජිනේරු බලසේනාව නියෝජනය කරමින් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර සහභාගී විය.

මෙම වැඩපිළිවෙල යටතේ යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුව 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් නිදහස් කිරීමේ අරමුණින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

ප්‍රධාන සම්මේලනයේ ප්‍රතිඵලයක් ලෙස, ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය (Geneva International Centre for Humanitarian De-mining) සමඟ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (14) දින මූවින්පික් (Movenpick) හෝටලයේ දී පැවැත්විණි.

මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන හා ප්‍රමිති අංශයේ උපදේශක අසා මාස්ලෙබර්ග් මෙනෙවිය (Ms Asa Massleberg) විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩමුළුව පැවැත්වීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්. ජලාදීපන් මහත්මිය විසින් දායකත්වය ලබාදුන්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය, MAG, HALO Trust, DASH, SHARP සහ කිලිනොච්චි කලාපීය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යංශය සමඟ ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 උපාය මාර්ගික සැලැස්මට අනුව සම්පත් සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.

බිම්බෝම්බ ඉවත් කිරීම, බිම් බෝම්බ අවදානම අධ්‍යයනය (MRE), වින්දිත ආධාර, ප්‍රවර්ධනය කිරීම, ගබඩා කිරීම හා විනාශ කිරීම මෙන්ම බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වූ මූලෝපාය සැලැස්ම සකස් කිරීම මෙම වැඩමුළුව අතරතුරදී අවධානයට ලක්වූ ප්‍රධාන කරුණු විය. මෙහිදී, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර විසින් බිම් බෝම්බ ගබඩා කිරීම සහ විනාශ කිරීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් පුළුල් දේශනයක් සිදුකරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ මහෙයුම් කළමනාකරණ ලුතිනන් කර්නල් සී.ඩි. වික්‍රමනායක, ක්ෂේත්‍ර මෙහෙයුම් නිලධාරී මේජර් ඒ.ජේ. ගුණවර්ධන සහ ගෝලීය තොරතුරු පද්ධති නිලධාරී කපිතන් ඕ.කේ. විජේගුණවර්ධන සහභාගී වූහ. Running sports | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD