Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2019 19:43:44 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංවත්සර වැඩසටහනට සමගාමීව දිවා භෝජන සංග්‍රහයක්

බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සරයට සමගාමීව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසික අසරණ වයෝවෘද්ධ දෙමාපියන් සඳහා දිවා ආහාරවේලක් පිරිනමන ලදී.  

සංවත්සරයට සමගාමීව විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. ආරියසිංහ ගේ මඟපෙන්වීම මත සංවිධානය කල මෙම වැඩසටහනේ දී වැඩිහිටි නිවාසයේ නේවාසික වයෝවෘද්ධ අසරණ දෙමාපියන් 55 දෙනෙකු වෙත දිවා ආහාරය ලබාදුන්හ.

තවද මෙම වැඩසටහන සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු එම රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් කණ්ඩායමක් සහභාගි වූහ.

එමෙන්ම, විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සරයට සමගාමීව සිකුරාදා (15) දින කුරුණෑගල මලයදේවී ළමා නිවාසයේ දී වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී, ළමා නිවාසයේ නේවාසික ළමුන් 25 දෙනෙකු වෙත දිවා ආහාර සහ ඇඳුම් පැළදුම් ලබාදුන් අතර යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැලිෆ්සෝ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන්ව සතුටට සහ විනෝදයට පත් කළහ. Sports News | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp