Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2019 19:43:38 Hours

යාපනයේ භට පිරිස් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සනීපාරක්‍ෂක පහසුකම් ලබාදෙයි

යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සනීපාරක්‍ෂක අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව වැසිකිලි 10 ක් ඉදිකරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (10) දින පැවැති උත්සවයකදී නිල වශයෙන් නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.

චාවකච්චේරි ප්‍රදේශයේ තිරුමල්ලුවර් ප්‍රජා මධ්‍යස්ථානයේ දී පැවැති මෙම උත්සවය සඳහා චාවකච්චේරි නගරාධිපති රාමනාදන් ශිවමන්කයි මහත්මිය, නගරසභා මන්ත්‍රී, පවුලිනා සුබෝධනි මහත්මිය ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රතිලාභීන් සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සනීපාරක්ෂක කට්ටල 10 ක් සහ පිරිසිදු කිරීමේ කුඩු බෝතල් ආදායම්ලාභී පවුල් සඳහා ලබාදුන් අතර මේ වනවිට යාපනය අර්ධද්වීපයේ ජීවත්වන ජනතාවගේ සනීපාරක්‍ෂක පහසුකම් නොමැති පවුල් පිළිබඳ අවධානය යොමු කර පසුගිය වසරක කාලය තුල යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පවුල් 50 ක් සඳහා අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ ලබාදී ඇත. Buy Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp