Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2019 13:37:33 Hours

යාපනයේ නවතමයෙන් ඉදිකල යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය විවෘත කෙරේ

යාපනයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (11) දින පැවැති උත්සවයකදී විවෘත කෙරිණි.

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව ඉදිකරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත මෙම තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය මගින් අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා ද පුහුණුවක් ලබාදීමට සැලසුම්කර ඇත.

ආගමික වතාවත්වලින් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව පහසුකම් වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම පුහුණු මධ්‍යස්ථානය වෙත ප්‍රථම සිසුන් තිදෙනා ඇතුළත් කිරීමේ කටයුතු සිදුකරමින් පුහුණුවීම් කටයුතු විධිමත්ව ආරම්භ කරන ලදි.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රථම පුහුණු කණ්ඩායම සමගින් සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිටියහ. එහිදි, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි විසින් තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානයේ ඇති වැදගත් කම පිළිබඳ කෙටි හැදින්වීමක් සිදු කළහ. ඉන් අනතුරුව, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික මාර්ගෝපදේශක පොත සහ අභ්‍යන්තර සංවර්ධන වීඩියෝ පටය යුද්ධ හමුදාපතිතුමන් වෙත ප්‍රධාන සංඥා නිලධාරී නියොජනය කරමින් මේජර් ටි. ටි. එන් මෙන්ඩිස් විසින් මෙහිදි පිළිගැන්විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සහ 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කනිෂ්ක ජයවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු) ආඥාපති, 51, 52, 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ, ප්‍රධාන සංඥා නිලධාරී මූලස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ, ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උතුරු නාවික අඥාපති, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති, යාපනය දිස්ත්‍රික් ලේකම්, රජයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ. latest Running Sneakers | NIKE HOMME