Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2019 17:31:14 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ පැවති බළඇණි ආධාරක අවි තරඟාවලියේ සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලැබූ අන්තර් බලඇණි ආධාරක අවි තරඟාවලිය - 2019 හි අවසන් මහා තරඟය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සඳුදා (11) දින පැවත්වූ අතර, එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවිය.

මෙහිදි පාබල හා ආධාරක ඒකක කණ්ඩායම් නියෝජනය කරමින් ඒකක 25 ක් සහභාගීවූ අතර ඉන් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම හා 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් පසු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම තරඟාවලියේ ජය ඔවුන් සතු ගැනිමට සමත්විය.

මෙම තරඟාවලියේ දී 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම හා 17 වන ගැමුණු හේවා බළඇණි කණ්ඩායම පිළිවෙලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානයන් හිමිකරගැනීමට සමත්විය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ආරාධනයකට අනුව මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එහිදි තරඟාවලියේ ජයග්‍රාහි කණ්ඩායම් වන 4 වන සිංහ රෙජිමේන්තු කණ්ඩායම, 5 වන විජයබාහු කණ්ඩාම හා 17 වන ගැමුණු හේවා බළඇණි කණ්ඩායම් වෙත ත්‍යාග හා කුසලාන ප්‍රදානය කළහ.

ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එක්ව සිටි අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. Nike air jordan Sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf