Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2019 18:56:44 Hours

රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝජිතයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තාක්‍ෂණික සහාය ලබාදීමට පොරොන්දු වෙයි

රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝජිතයින්ගේ ප්‍රධානී ශ්‍රී ලංකා සහ මාලදිවයින ජනරජයේ රුසියානු සමූහාණ්ඩු තානාපති ගරු යූරි බොරිසොවිච් මහතා (HE Mr Yuri Borisovich) බදාදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහිදි, දෙරටේ හමුදාවන් අතර පවත්නා සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ගුවන්යානා අලුත්වැඩියා කටයුතු සඳහා සිය තාක්‍ෂණික සහාය ලබාදෙන බවට පොරොන්දුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ බදාදා (27) දින උදෑසන පැවැති සාකච්ඡාව සඳහා නියෝජිතයින් පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ගුවන්යානා අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම වැඩිදියුණු කිරීමට සහ හැකියාවන් වර්ධනය කිරීමට සහාය ලබාදීමට ඔවුන්ගේ ඇති සූදානම සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කර ඇත. තවද මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක මණ්ඩලය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යටතේ ඇති සන්නද්ධ රථ සහ බරවාහන පිළිබඳ අවධානයට යොමුවිය.

සාකච්ඡාව අතරතුරදී රුසියානු නියෝජිත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රුසියාවේ පැවැත්වෙන යුධ ටැංකි, වෙඩි තැබීම් සහ ධාවන තරඟාවලින් සඳහා සහභාගීවීමට ආරාධනා කරන ලද අතර ඒ පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් රුසියානු නියෝජිත පිරිසට සිය ස්තූතිය පුද කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම සාකච්ඡාව අතරතුරදී, 2009 මැයි මාසයට පෙර කුරීරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවැති සටනේ දී රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කළේය. විශේෂයෙන්ම මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජිත පිරිස සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ රුසියානු තානාපතිවරයාට සිය කෘතඥතාවය පුද කර සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් සින්චෙන්කෝ (Alexander Zinchenko) , කර්නල් සර්ජි උචෙන්කෝ (Sergei Urchenko) , ලුතිතන් කර්නල් රොමෑන් පොබ්රස් (Roman Pobrus) , වික්ටර් පෙට්‍රෝ මහතා (Victor Petrov ), රෝමන් චෙපනොව් මහතා (Roman Chepurnov) සහභාගි වූ අතර කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ සහකාර ආරක්‍ෂක උපදේශක ද සහභාගි වූහ.

තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දුමින්ද ගමගේ සහභාගි වු අතර යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි රුසියානු තානාපතිතුමන් ඇතුළු නියෝජිත පිරිස යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. Best Authentic Sneakers | Nike SB