Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2019 15:11:43 Hours

වකුගඩු රෝග මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයේ දී යුද්ධ හමුදාවේ කැපවීම සහ වින්‍යානූකූලභාවය ප්‍රසංශාවට ලක් කෙරේ

නිදන්ගත වකුගඩු රෝග සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ (CKDs) මූලිකත්වයෙන් මහනුවර ශීක්‍ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල මහල් 7 කින් සමන්විත ‘වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය’ සඳුදා (25) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත වෛද්‍ය සහ උපදේශන කාර්ය මණ්ඩලය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනයන්ට අනුකූලව, 17 වන ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසකගේ ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම යොදාගනීමින් ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ සහ නාවික හමුදා භටපිරිස් හි සහයෝගය ඇතිව ඉදිකරනු ලැබු මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2016 ඔක්තෝම්බර් මස 01 වන දින ආරම්භ කෙරිණි.

මෙම විවෘත කිරීමේ උත්සවයේ දී අතිගරු ජනාධිපතිතුමන්, මහනුවර ශික්‍ෂණ රෝහලේ වකුගඩු හා බද්ධ කිරීම් ඒකකයේ ප්‍රධානී මෙන්ම විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර ගේ පූර්ණ සම්බන්ධිකරණයේ ඉදිකරනු ලැබු ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය නිරාවරණය කරමින් ජනතා අයිතියට පත්කල අතර එම අවස්ථාව සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පූජකවරුන්, අමාත්‍යවරුන්, ලේකම්වරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයින් මෙන්ම මහනුවර ශීක්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන නිදන්ගත වකුගඩු රෝගින් රැසක් ද සහභාගි වූහ.

විවිධ ධානපතීන්ගේ මූල්‍යාධාර සහිතව ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබු මෙම දැවැන්ත සේවා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 628 ක මූදලක් වැයවූ අතර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කිරීම සඳහා 17 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජි.කේ.එස්. රංගික, ලුතිනන් කර්නල් එන්.එම්.ජේ. පෙරේරා, කපිතන් ඩබ්ලිව්.එල්. චමින්ද, කපිතන් එම්.එන්.සී. අත්තනායක, ලුතිනන් සුරවීර ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් දිවා රාත්‍රි කටයුතු කළහ.

සමාරම්භක උත්සවයේ ආරම්භක දේශනය පවත්වමින් මහනුවර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා රෝහල් පරිශ්‍රයේ රාජකාරි කල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය සහ ඉදිකිරීම් කටයුතු සාර්ථක අවසන් කිරීම සඳහා වූ කැපවීම ඉහළ මට්ටමක පැවැති බවට පවසා සිටියහ. මෙම ඉදිකිරීම් කටයුතු සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දැක්වූ නිලධාරීන් මෙහිදි ඇගයූමට ලක් කල අතර යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම නාවික හමුදා සාමාජිකයින් ද ඔවුන්ගේ වෘත්තීමය රාජකාරීන් ඉහළ විනය මට්ටමකින් යුතුව කුඩා දරුවන් කණ්ඩායමක් ලෙස කණ්ඩායම් හැඟිමෙන් ඉටුකල බවට ද පැවසීය.

“යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආශීර්වාදය නොමැතිව මෙම ව්‍යාපෘතිය කල නොහැක්කක්ව තිබුණා. සෑම සන්ධ්‍යාවකම මම මේ ස්ථානයට පැමිණි සෑම අවස්ථාවකම හමුදා සාමාජිකයින් ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම මනා ලෙස භාවිතා කරමින් ඉදිකිරීම් කටයුතුවල නිරතවූ බව මා දුටුවා. මෙය කාටත් හොඳ ආදර්ශයක්” යනුවෙන් වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිතුමන්ගේ කතාවේ දී, වෛද්‍ය අබේසේකරගේ ක්‍රියාශීලී පුරෝගාමී උත්සාහයත්, එහි අරමුදල් වෙන් කර ඇති ආකාරයත් සමග අනුරාධපුරයේ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගි ව්‍යාපෘතියකට සමගාමීව ආරම්භ වූ මහනුවර ව්‍යාපෘතිය සාර්ථක අවසන් වූ බවත් පැවසීය. එමෙන්ම, ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම ඉහළ මට්ටමක පැවැති බවත් ප්‍රදේශයේ වකුගඩු රෝගී පවුල් 670 ක් සඳහා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීමෙන් අනතුරුව පසුගිය වසර දෙක තුලදී නිදන්ගත වකුගඩු රෝගීන්ගේ අනුපාතය අඩුවී ඇති බවත් අතිගරු ජනාධිපතිතුමා පෙන්වා දුන්හ. තවද මෙම අවස්ථාවේ දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සේවය අගය කරමින් විශේෂ සමරු තිළිණ ද ප්‍රදානය කළහ.

ඉන් අනතුරුව, ජල පෙරණ යන්ත්‍ර, රුධිර පීඩන මාපක සහ අනෙකුත් වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් බෙදාදීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන්ට ආරාධනා කරනු ලැබීය. latest jordan Sneakers | jordan Release Dates