Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2019 22:43:55 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් උපන් ප්‍රදේශයෙන් ‘ඩෙංගු මර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ’ ආදර්ශමත් වැඩසටහන ආරම්භ කරයි

පරිසරය පිරිසිදුව තබාගනීමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කඳුරුදුව ගම්මානය සහ පානදුර - මොරටුව පැරණි මාර්ගය ආදී ප්‍රදේශයන් මූලික කොටගත් ව්‍යාපෘතියක් ඉරිදා (24) දින උදෑසන දියත් කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පමය මඟපෙන්වීම මත කඳුරුදුව සුභසාධක සමිතිය සහ මරණාධාර සමිතිය සමඟ ඒකාබද්ධව මෙම ප්‍රජා ව්‍යාපෘතිය දියත් කල අතර වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාම වලක්වාගැනීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් පවසා සිටියේ ‘අන් අයට අනුගමනය කළ හැකි ආදර්ශවත් යමක් සිදුකිරීමේ අදිටනින් යුතුව යුද්ධ හමුදාව මෙම ව්‍යාපෘතිය දියත් කල බවත්ය’.

ඩෙංගු මර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා, ප්‍රජා නායකයින්, පදිංචිකරුවන්, පාසල් සිසුන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එක්ව වීල්බැරෝ, කසල එකතු කිරීමේ මලු සහ අනෙකුත් උපකරණ යොදාගනීමින් කුණු කසල එකතු කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන් පරීක්‍ෂා කිරීම් කටයුතු සිදුකරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතියෙහි කොටස්කරුවෙකු ලෙස සහභාගීවූ සියලුදෙනා සමඟ එක්ව පැය හතරකට අධික කාලයක් ගත කළ අතර බොල්ගොඩ ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ක්‍රියාශීලීව සහභාගි විය.

කඳුරුදුව, ධර්මාශ්‍රම විහාරස්ථානය සහ ගොරකාන කඳුරුදුව ශ්‍රී දීපාරාම විහාරස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඩෙංගු උවදුර හා මත්ද්‍රව්‍ය ආදීයෙහි ඇති බලපෑම් පිළිබඳ දහම් පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වූ වැඩසටහන් යුගලය සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව ක්‍රියාකාරීව තම දායකත්වය සපයන ලදී. best Running shoes | UK Trainer News & Releases