22nd February 2019 16:42:27 Hours
ත්‍රිකුණාමලය ශ්‍රී තිරුක්කායි අම්බල් හින්දු කෝවිලේ වාර්ෂික පූජාව පැවැත්වීම සඳහා 22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍ය සහයෝගය ලබාදුණි.
ඒ අනුව, පූජාව පැවැත්වීමට පෙර අඟහරුවාදා (19) දින 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් බැතිමතුන් සමඟ එක්ව කෝවිල් භූමිය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විණි.
තවද, අවසන් පූජාව පැවැති දිනයේ උත්සවය සඳහා සහභාගිවූ බැතිමතුන් 350 කට අධික පිරිසක් සඳහා ආහාරපාන ද යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයන ලදී.
මෙම කෝවිලේ ප්‍රධාන පූජක, සිරියාසිරි ශ්‍රීකාන්ත කුරුක්කල් තුමන් සහ බැතිමතුන් පූජාව පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලබාදුන් සහයෝගය ඇගයුමට ලක් කළහ.
අවසන් පූජාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 22 වන සේනාංකයේ කර්නල් සම්බන්ධිකරණ නිලධාරී, 22 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.latest Running Sneakers | NIKE AIR HUARACHE