Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2019 15:48:28 Hours

යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල වැසියන් හට සනීපාරක්ෂක පහසුකම්

යාපනය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ජනගහනයෙන් බහුතරයක් ජනතාව අතර පැතිර ඇති සනීපාරක්ෂක ගැටළුවට විසදුමක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මඟපෙන්විම මත ඕස්ට්‍රේලියාවේ පදිංචි උමා නටරාජා මහතා ගේ පරිත්‍යාගයෙන් පවුල් 27 ක් සඳහා නව වැසිකිලි ඉදිකර ඇත.

මෙම ව්‍යාපෘතියේදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සම්බන්ධිකරණයෙන් යුතුව මෙම පරිත්‍යාගශීලීන් විසින් අඩු ආදායම් ලාභී පවුල් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීමට කටයුතු කළ අතර, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව මෙම කටයුතු සිදු කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් මෙහි ඉදි කිරීම් කටයුතු නිම කරන ලදි.

අනතුරුව සිකුරාදා (15) දින ප්‍රතිලාභීන් සමඟ පැවති කෙටි සාකච්ඡාවකදි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කළ බැව් ඔවුන් හට දන්වා සිටි අතර, එම පහසුකම් භාවිතා කරමින් තම සනීපාරක්ෂාව ඉහළ නංවා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

යාපනයේ වැල්වැටිතුරෙයි කලෙයිවානී ප්‍රජා ශාලාවේ දී පැවති මෙම උත්සවය අතරතුර එම පොදු ස්ථානයේ මහජනතාව සඳහා ප්‍රමාණවත් ආසන පහසුකම් නොතිබුණු බැවින් ප්‍රධාන අමුත්තා විසින් ප්‍රජා ශාලාව සඳහා නව පුටු 50 ක් ද පරිත්‍යාග කළේය.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙන්ම ප්‍රතිලාභීන් විශාල පිරිසක් එක්ව සිටියහ.Sneakers Store | Nike Dunk - Collection - Sb-roscoff