Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2019 22:10:08 Hours

ඇඹිලිපිටිය ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ සහ ඇඹිලිපිටිය බෝධිරාජා ජාත්‍යන්තර විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළලේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇඹිලිපිටිය බෝධිරාජා පදනමේ කළමණාකරන අධ්‍යක්‍ෂ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව පූජ්‍ය ආචාර්ය සෝභිත හිමිපාණන් වහන්සේ සහ එම විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව පූජ්‍ය ආචාර්ය සෝභිත හිමිපාණන්ගේ පදනමේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබු නව ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය නිරාවරණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා දැක්වූ දායකත්වය ඇගයුමට ලක් කරමින් එම විද්‍යාලයේ ගුරුවරුන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් එක්ව සංකේතාත්මකව ත්‍යාග ද ඔවුන් වෙත පිරීනමන ලදී. latest Running | Jordan Release Dates , Iicf