Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2019 21:12:47 Hours

අන්තර් රෙජිමේන්තු ටෙනිස් ශූරතාවලියේ ජය විජයබාහු පාබල රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩකයින්ට

යුද්ධ හමුදා රෙජිමේන්තු 12 ක ක්‍රිඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලිය - 2018 හී අවසන් තරඟ අඟහරුවාදා (22) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ටෙනිස් ක්‍රීඩාපිටියේදි පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙවර පැවැති අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් තරඟකරුවන් 60 පමණ සහභාගිවූ අතර, විවෘත කේවල තරඟ, විවෘත යුගල තරඟ, වයස අවුරුදු 35 වැඩි කේවල තරඟ, වයස අවුරුදු 35 වැඩි යුගල තරඟ, වයස අවුරුදු 45 වැඩි කේවල තරඟ, වයස අවුරුදු 45 වැඩි යුගල තරඟ, වයස අවුරුදු 50 වැඩි කේවල තරඟ සහ වයස අවුරුදු 50 වැඩි යුගල තරඟ වශයෙන් තරඟ ඉසව්වන් මෙහිදි පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය නියෝජනය කරමින් ක්‍රීඩකයින් 60 කට වඩා වැඩි පිරිසක් තරඟ ඉසව් හයක් යටතේ තරඟ වැදුණි. සති දෙකකට අධික කාලයක් පැවැති මෙම තරඟාවලිය 2018 සැප්තැම්බර් 25 දින ආරම්භ වූ අතර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ඇතුළත් විය.

අවසන් තරඟයේ දී තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් සමත් වූ අතර තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩකයින්ට හිමිවිය. ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත සුභපැතුම් එක්කරමින් කුසලාන සහ සහතිකපත් පිරීනැමූහ. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා ටෙනිස් කමිටුවේ සභාපති මෙන්ම නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙවර තරඟාවලියේ සමාප්ති උත්සවය සහ අවසන් තරඟ නැරඹීම සඳහා දිවයින පුරා ස්ථානගතව ඇති යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගිවූ ක්‍රීඩකයින් ඇතුළු යුද්ධ හමුදා නිලධාරී සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

කණ්ඩායම් තරඟ

ශූරතාවය

කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු - විපාරෙ

කෝප්‍රල් ඩබ්ලිව්.ජි.එස්.ජේ.කේ. ගමගේ - විපාරෙ

ලාන්ස් කෝප්‍රල් පි.ජි.එම්. සමරවීර - විපාරෙ

ලාන්ස් කෝප්‍රල් ඩි.ඒ.එස්. පුෂ්ප කුමාර - විපාරෙ

අනුශූරතාවය

ලුතිනන් කර්නල් පී. විතානගේ - ශ්‍රීලවියාඉ

සැරයන් ජි.පි.පි නරේංජන් - ශ්‍රීලවියාඉ

කාර්මික සෙබල ආර්.කේ.එච්. ජයසංඛ - ශ්‍රීලවියාඉ

කාර්මික සෙබල කේ. අභ්‍රාජිත් - ශ්‍රීලවියාඉ

තෙවන ස්ථානය

කර්නල් ඩබ්ලිව්.එල්. ප්‍රේමසිරි

සාමාන්‍ය සෙබළ එච්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර - ශ්‍රීලයුසේබ

සාමාන්‍ය සෙබළ එම්.ඒ.එස්.එල්. මධුසංඛ - ශ්‍රීලයුසේබ

සාමාන්‍ය සෙබළ බී.වී.ඩි. සඳරුවන් - ශ්‍රීලයුසේබ

විවෘත කේවල

කාර්මික සෙබල ආර්.කේ.එච්. ජයසංඛ - ශ්‍රීලවියාඉ - ශූරතාවය

කාර්මික සෙබල එම්.ඩි.එල්. ප්‍රනාන්දු - විපාරෙ - අනුශූරතාවය

විවෘත යුගල් (ශූරතාවය)

කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු - විපාරෙ

කෝප්‍රල් ඩබ්ලිව්.ජි.එස්.ජේ.කේ. ගමගේ - විපාරෙ

විවෘත යුගල ( අනුශූරතාවය)

ලුතිනන් කර්නල් පී. විතානගේ - ශ්‍රීලවියාඉ

කාර්මික සෙබල ආර්.කේ.එච්. ජයසංඛ - ශ්‍රීලවියාඉ

වයස අවුරුදු 35 ට වැඩි කේවල

ලාන්ස් බොම්බඩි ඩබ්ලිව්.එම්.සී. උත්පල කුමාර - ශ්‍රීලකාහ - ශූරතාවය

සැරයන් ජි.පී.පී. නරේංජන් - ශ්‍රීලවියාඉ - අනුශූරතාවය

වයස අවුරුදු 35 ට වැඩි යුගල (ශූරතාවය)

ලුතිනන් කර්නල් පී. විතානගේ - ශ්‍රීලවියාඉ

ලාන්ස් බොම්බඩි ඩබ්ලිව්.සී. උත්පල කුමාර - ශ්‍රීලකාහ

වයස අවුරුදු 35 ට වැඩි යුගල (අනුශූරතාවය)

කෝප්‍රල් පී. වර්ෂවිතාන - ගරෙ

කෝප්‍රල් ඩි.එම්.ටි.ඒ.බි. දිසානායක - ගරෙ

වයස අවුරුදු 45 ට වැඩි යුගල (ශූරතාවය)

මේජර් ජෙනරාල් කේ.පී.ඒ. ජයසේකර

ලුතිනන් කර්නල් පී. විතානගේ - ශ්‍රීලවියාඉ

වයස අවුරුදු 45 ට වැඩි යුගල (අනුශූරතාවය)

කර්නල් ඩබ්ලිව්.එල්. ප්‍රේමසිරි

ලුතිනන් කර්නල් එච්.වී.ඒ. සෝමවීර - ශ්‍රීලපාහ

වයස අවුරුදු 50 ට වැඩි කේවල

කර්නල් ඩබ්ලිව්.එල්. ප්‍රේමසිරි - ශූරතාවය

මේජර් ජෙනරාල් කේ.පී.ඒ. ජයසේකර - අනුශූරතාවය

වයස අවුරුදු 50 ට වැඩි යුගල (ශූරතාවය)

කර්නල් ඩබ්ලිව්.එල්. ප්‍රේමසිරි

කර්නල් එස්.එච්.පී.ඩි. තිලකරත්න

වයස අවුරුදු 35 ට වැඩි යුගල (අනුශූරතාවය)

මේජර් ජෙනරාල් කේ.පී.ඒ. ජයසේකර

කර්නල් ටී.එම්. අබේරත්නbridge media | Nike News