Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2019 22:08:53 Hours

‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත් කරමින් ආරක්‍ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව භාවිතාකල තවත් ඉඩම් නිදහස් කෙරේ

මූලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි දියත් කරනු ලබන විවිධ ව්‍යාපෘතින්ට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (21) දින උදෑසන මූලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දී පැවැති ප්‍රධාන උත්සවයකදී ජාතික පාසල් ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත් කරනු ලබන අතර දිවයින පුරා රජයේ පාසල්වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වෘත්තීමය පුහුණුවලත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දේශන පවත්වමින් සිදුකිරීමට නියමිතය. එමෙන්ම, ජාතික වැදගත්කමකින් යුතු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වයක් මත යුද්ධ හමුදාව සිය පූර්ණ සහයෝගය දැක්වීමට එකඟතාවය පල කර ඇත.

ඒ අනුව, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මූලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 70 ක අධ්‍යාපනය හදාරණ සිසුන් 18,168 ක් අතරේ අත් පත්‍රිකා බෙදාහරිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කරන ලදී.

එමෙන්ම, සන්නද්ධ හමුදාවන් ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල උදයාරකට්ටු සහ තවත් යුද්ධ හමුදා ගොවිපොලවල් තුනක් ඇතුළු මූලතිව්, කිලිනොච්චි, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි යුද්ධ හමුදාව භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් නිදහස් කිරීම සඳහා වූ නිල ලේඛණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවූ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත සංකේතාත්මකව භාරදුන්හ. අනතුරුව, ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය වහා ක්‍රියාවට නැංවීම පිණිස මෙම භාරදෙන ලද නිල ලේඛණ අතිගරු ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදෙන ලදී.

කිලිනොච්චි ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අතරින් අක්කර 972 ක් සහ මූලතිව් ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් භාවිතාකල ඉඩම් අක්කර 120 කින් යුතු ගොවිපල අයත් භූමිය මෙලෙස නිදහස් කිරීමට නියමිතය. තවද යාපනය සහ වන්නි ප්‍රදේශයේ රාජ්‍ය ඉඩම් අක්කර 46.11 ක් මෙන්ම යාපනය සහ වන්නි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 63.77 ක් මෙලෙස මූලතිව් හිදී පැවැති උත්සවයේ දී නිදහස් කරන ලදී.

මෙම උත්සවයේ දී නච්චිකුඩා, වේලන්කුලම් සහ උදයාර්කට්ටු යුද්ධ හමුදා ගොවිපලවල් පිහිටි ඉඩම් ඇතුළු ඉඩම් අක්කර 1201.88 ක් මෙලෙස නිදහස් කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිවිල් වැසියන්ට අයත් උතුරු සහ නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ සිට ආරම්භ විය. අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහනට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ අතර මෙලෙස තවදුරටත් ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබයි.

එමෙන්ම, යාපනය විශ්ව විද්‍යාලය සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කල ‘මිහිකත හෝරාව’ නම් දැවැන්ත රුක් රෝපණ වැඩසටහන දියත් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ලබාදුන්හ. jordan Sneakers | Sneakers