Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2019 12:24:20 Hours

MCC පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සහභාගි වේ

නුවර, බූවැලිකඩ ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසලේ පැවැති නිලධාරීන් සඳහා වන Mid-Career පාඨමාලා අංක - 04 හී සමාප්ති උත්සවය යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) දින පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරීන් සහ උපදේශක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම පුහුණු පාසලේ ‘මර්කරි ශාලවේ’ (Mercury Hall) දී පැවැත්විණි.

මෙම අවසථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඉමල් ඇසලආරච්චි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.

මෙහිදි ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක තුමන් සියලුදෙනා අමතමින් වෘත්තීය පදනමක් ගොඩනැගීමේ ඇති වැදගත්කම පෙන්වාදුන්හ. “කැපවීම, දැනුම, පක්ෂපාතීත්වය සහ විනය ඉතා ඉහල මට්ටමක පවත්වාගැනීම සුවිශේෂි ගුණාංගයන් ලෙස සලකනු ලබන අතර, එම ගුණාංගයන්ගෙන් සමන්විතව වෘත්තිමය ජිවිතය ගොඩනඟා ගත යුතු බව” මෙලෙස එතුමන් අවධාරණය කළහ. කර්නල් සේනාවිධායකතුමන් සිය දේශනයේ දී ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසල පුහුණුලාභීන් සඳහා වෘත්තීමය දැනුම සැපයීම පමණක් නොව, සමස්තයක් වශයෙන් බලකායේ සහ යුද්ධ හමුදාවේ වගකීම් සම්බන්ධ ධනාත්මක ආකල්ප ඇති කිරීම සඳහා වගකිව යුතු බවද වැඩිදුරටත් අවධාරණය කරන ලදී. මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ට සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහයේ දී සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් කර්නල් සේනාවිධායක තුමන් පුහුණු වැඩසටහන් සඳහා ඇති අවශ්‍යතාවයන් පිළිබඳව ද විමසා සිටියහ.

ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායක තුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ තරුණ නිලධාරීන්ට පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා ඉන්දිය හමුදාවේ උපදේශකවරුන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන සන්නිවේදන විද්‍යාගාරය නිරීක්ෂණය කළහ. ඉන්දියානු රජයේ මූල්‍යමය අනුග්‍රහයෙන් ඉදිකරනු ලැබු මෙම විද්‍යාගාරය 2018 මැයි මස 15 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් විසින් විවෘත කරන ලදී. මෙම උත්සවයෙන් අනතුරුව එදින සන්ධ්‍යාවේ පැවැති සුහද හමුවකින් පාඨමාලාවේ සමාප්ති උත්සවය නිමාවට පත්විය. url clone | Yeezy Boost 350 Trainers