Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2019 12:30:21 Hours

මඩකලපුවේ සිවිල් නායකයන් පිරිසක් නැගෙනහිර ආඥාපතිතුමන් හමුවෙයි

සංහිඳියාව සහ සහජීවනය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මඩකලපුව ප්‍රදේශයේ විවිධ ආගමික පූජකවරුන් ප්‍රජා කමිටු නායකයින් සහ බුද්ධිමතුන් පිරිසක් සහ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අතර හමුවක් මෑතකදී සිදුවිණි. මඩකළපුව සිවිල් සමාජ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබු එස්. මාමංග රාජා මහතා විසින් මෙම හමුව සංවිධානය කරනු ලැබීය.

මඩකලපුවේ බිෂොප්තුමා වන පූජ්‍ය ආචාර්ය ජෝසප් පෙන්නයියා පියතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපු බිෂොප් හවූස්හී පැවති මෙම සාකාච්ඡාව සඳහා ආරාධිතයින් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර සංවිධායකයින්ගේ ආරාධනය මත නැගෙනහිර ආඥාපතිතුමන්ද මෙම අවස්ථාවට එක්විය.

මෙම සමුළුවේදි, සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ පොදු ජනතාව සඳහා වැදගත් වන කරුණු රාශීයක් පිළිබඳව අවධානය යොමු කළ අතර සාකච්ඡාව අතරතුර දී ප්‍රදේශය පුරා ව්‍යාප්තව පුළුල් ලෙස ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ඔවුන්ගේ වැඩිදුර අවධානය යොමු කරමින් එම කටයුතු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව ද සාකච්ඡා කලේය . 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මිහිඳු පෙරේරා, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් තිලක් රණසිංහ සහ එම මූලස්ථානයේ ලුතිනන් කර්නල් සුදත් සමරකෝන් මෙන්ම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය සුදර්ශන් මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

මේ අතරතුර මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සදුදා (07) දින ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සමග සුහඳ හමුවක් පැවති අතර එහිදි ආඥාපතිතුමන් සිය සුභ පැතුම් එක් කරනු ලැබීය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් නැගෙනහිර ආඥාපතිතුමන්ව මෙම අවස්ථාව සඳහා කැටුව යනු ලැබු අතර එහිදි ආඥාපතිතුමා විසින් එම සුහද හමුව අවසානයේ ආණ්ඩුකාරවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි. Sport media | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK