Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2018 16:22:36 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ආගමික පූජකවරුන්, ‘පිබිදෙන පොළොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති හමුවේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නොවැම්බර් මස 11 දින සිට 13 දින දක්වා බලප්‍රදේශයේ නිල සංචාරයක නිරතවූ අතර එහිදි ආගමික පූජකවරුන්, විවිධ පාර්ශවකරුවන් සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් හමුවිය.

ආගම දහම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පොළොන්නරුව ඉසිපතනාරාමයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී ධම්මානන්ද ස්වාමින් වහන්සේ, පොළොන්නරුව ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මපාල ස්වාමින් වහන්සේ සහ පොළොන්නරුව විද්‍යාලංකාර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දැමුන්නාවේ උපරත්න ස්වාමින් වහන්සේ හමුවී ආශීර්වාද ලබාගත්හ.

පොළොන්නරුව පුරවරයේ බෞද්ධ මහානායක හිමිවරුන් කිහිපදෙනෙකු හමුවී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂතුමන් හමුවිය.

මෙම සුහද හමුවේදී ආඥාපතිතුමන් ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සමඟ මෙම ව්‍යාපෘතියේ වත්මන් ඉදිකිරීම් කටයුතු පිළිබඳව සුහද සාකච්ඡා කල අතර එහිදි ආඥාපතිතුමන් ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂතුමන් වෙත සංකේතාත්මකව සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ. මේ අතර,  නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ගල්තැඹරාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංචාරය කල අතර එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලබන ‘සංඝාවාස’ ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරන ලදී.

එමෙන්ම, මින්නේරිය ප්‍රදේශයේ ස්ථානගත නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානයේ සංචාරයක නිරතවූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරයේ දී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ කාර්යභාර්ය පිළිබඳ එහි ආඥාපතිතුමන් විසින් දැනුවත් කල අතර සියලුනිල තේපැන් සංග්‍රහයකින් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් භට පිරිස් අමතනු ලැබීය. Authentic Sneakers | Nike for Men