Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2018 15:56:50 Hours

පුහුණුව ලැබු උතුරු මැද පළාත් පාසල් ශිෂ්‍යභටයින් පුලතිසිපුර දී විසිරයති

උතුරු මැද පළාත් පාසල් කනිෂ්ඨ ශිෂ්‍යභටයින් 400 කගේ විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (13) දින පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ පුලතිසිපුර ජාතික විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගිවූ අතර පෙළපාලිය සඳහා කණ්ඩ 16 කට අයත් ශිෂ්‍යභටයින් 400 ක් සහභාගි වූ අතර උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් ශිෂ්‍යභට නිලධාරීන් 18 දෙනෙකු ද ඔවුන් අතර විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ජාතික ශිෂ්‍යභට බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ලලිත් රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු තිළිණයක් ද එතුමන් වෙත ප්‍රදානය කළහ. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සියලුදෙනා ඇමතූ අතර ඉන් අනතුරුව විසිරයන ශිෂ්‍යභටයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ. Sports News | adidas NMD Human Race