Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2018 16:56:50 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මූලතිව් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ වැඩමුළුවක්

පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ සහ ජනප්‍රිය කිරීමේ අරමුණින් පැවැත්වෙන පස්දින වැඩමුළුවේ සමාරම්භක උත්සවය බදාදා (12) දින ඉරණපලෙයි මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර මෙම වැඩමුළුව සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සමාජ 20 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ ක්‍රීඩකයින් රැසක් සහභාගි වූහ.

මෙම වැඩමුළුව මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දුගේ සම්බන්ධිකරණයෙන් පවත්වන්නට යෙදුණු අතර යුද්ධ හමුදා ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ පාපන්දු ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් සිය දායකත්වය ලබාදෙන මෙම වැඩමුළුව දෙසැම්බර් මස 16 වන දින අවසන්වීමට නියමිතය.

තරුණ පාපන්දු ක්‍රීඩකයින් 100 කට අධික පිරිසක් සහභාගි වන මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සම්මේලනයේ පුහුණුකරු එම්. වඩිවේල් මහතා ඇතුළු යුද්ධ හමුදා පාපන්දු සම්මේලනයේ පුහුණුකරුවන් රැසක් ද සහභාගිවෙයි. එමෙන්ම, මෙම වැඩමුළුව සඳහා සහභාගි වන ක්‍රීඩකයින්ට වැඩමුළුව පැවැත්වෙන දිනයන්හි සිංගර් (පුද්ගලික) සමාගමේ සහ මයිලෝ සමාගමේ අනුග්‍රහකත්වයෙන් ආහාර පාන ලබාදීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහභාගි වූ අතර පුහුණුකරුවන් ඇතුළු අනෙකුත් ආරාධිතයින් රැසක් ද එක්වූහ. bridge media | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret