Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2018 14:03:57 Hours

පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් කොළඹ දී යුද්ධ හමුදාධිපති හමුවේ

පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාග් හයිඩර් (Chiragh Haider) සමඟින් කර්නල් අරිෆ් බන්ග්ෂ් (Arif Bangash) සහ මේජර් ජෑන් බඩ්ෂා (Jan Badshah) ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ නියෝජිත පිරිස අතර ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සහ දෙරට අතර පුහුණු සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙරට අතර සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරක ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) සහභාගි වූහ.latest Running Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%