Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2018 15:05:47 Hours

සන්නද්ධ බුද්ධි බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

සන්නද්ධ බුද්ධි බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු අඟහරුවාදා (01) දින අම්බලන්ගොඩ, කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි පැවැති සරල උත්සවයකින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

 

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව කර්නල් සේනාවිධායක තුමන් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිමෙන් අනතුරුව සන්නද්ධ බුද්ධි බලකා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ.

 

මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සන්නද්ධ බුද්ධි බලකායේ දිවිපිදු නිලධාරින් සහ සෙසුනිලයින් සිහිපත් කරමින් එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළහ. අනතුරුව, සරඹ භූමියේ දී නව ධූරයේ රාජකාරි භාරගත් කර්නල් සේනාවිධායකතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

 

සන්නද්ධ බුද්ධි බලකායේ නව කර්නල් සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් ද රෝපණය කළහ.

 

අනතුරුව, මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සියලු නිලයින් අමතනු ලැබීය. සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගි වූ නව කර්නල් සේනාවිධායකතුමන් සියලු නිලයින් සමඟ අදහස් හුවමාරු කරගැනිමට ද අවස්ථාවක් කරගත්හ.

 

අවසානයේ, නව කර්නල් සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරික්ෂණ සංචාරයක නිරතවිය.

spy offers | Archives des Sneakers