Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2018 15:01:40 Hours

‘ධම්සෝ’ ජාත්‍යයන්තර චෙස් ශුරතාවලියේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට ඵෙතිහාසික ජයග්‍රහණයක්

8 වන ‘ධම්සෝ’ ජාත්‍යයන්තර චෙස් තරඟාවලිය - 2018, අම්බලන්ගොඩ, එස් තෝමස් ද සිල්වා අනුස්මරණ ශ්‍රවණාගාරයේදී අප්‍රේල් මස 19 දින සිට 23 දින දක්වා පැවති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් කාණ්ඩ 2 ක් යටතේ තරඟවැඳී අනුශුරතාවය සහ දෙවන අනුශුරතාවය දිනාගන්නා ලදී.

මෙම තරගාවලිය ලෝක චෙස් සංගමය යටතේ වන ශ්‍රී ලංකා චෙස් සංගමය සමඟ ධර්මාශෝක විද්‍යාලීය ආදී ශිෂ්‍ය චෙස් සංගමය එක්ව සංවිධානය කරන ලදී.

මෙවර තරඟාවලියේ දී වසරේ ‘ධම්සෝ ජාත්‍යයන්තර චෙස් ක්‍රීඩකයා’ ලෙස ජයග්‍රහණය කිරීම සඳහා ජාතික හා ජාත්‍යයන්තර මට්ටමේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 379 දෙනෙකු තරඟවදින ලදී. එම තරඟකරුවන් අතර ඉන්දියාවේ සහ ස්පාඤ්ඤයේ ජාත්‍යයන්තර මට්ටමේ අතිදක්ෂයින් දෙදෙනෙකු ද එක්ව සිටියහ.

මෙහිදි ශ්‍රී ලංකා සංඥා බලකායේ කපිතන් ඩබ්ලිව්. ඒ.ටී.ඩි සුමනදාස විවෘත අංශයේ (unrated category) තුන්වන ස්ථානය දිනාගන්නා ලද අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එස්.එම්.ඩි.එම් සුරවීර ආබාධිත අංශයේ (‘Disabled Category’) දෙවන ස්ථානය ද දිනාගන්නා ලදී.

මෙම ජයග්‍රහණයන් අත්පත් කරගැනීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පූර්ණ සහයෝගය හිමිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත සඳහන් පරිදි වේ;

යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම

කපිතන් ඩබ්ලිව්.ඒ.ටී.ඩි සුමනදාස - ශ්‍රී ලංකා සංඥා බලකාය

ලාන්ස් කෝප්‍රල් එච්.අයි.ඩි.ඒ.අයි.ආර් අමරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.පි.පි.ජි.එස් ප්‍රේමතිලක - ශ්‍රී ලංකා පාබල හමුදාව

ලාන්ස් කෝප්‍රල් ඩි.එන්.එස් ද සිල්වා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

සංඥා සෙබල එල්.ඩි.ඩි මදුෂංක - ශ්‍රී ලංකා සංඥා බලකාය

යුද්ධ හමුදා ‘බි’ කණ්ඩායම

කෝප්‍රල් එම්.ඒ.ජි.ඒ ප්‍රියන්ත - ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

කෝප්‍රල් වයි.එම්.ඩි.පි යාපා - ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

කෝප්‍රල් එච්.කේ.ජි සම්පත් - ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

ලාන්ස් කෝප්‍රල් ටී.ඒ.ටී මදුෂංක - ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

සංඥා සෙබල ඊ.එම්.කේ රූපසිංහ - ශ්‍රි ලංකා සංඥා බලකාය

Authentic Sneakers | Women's Nike Superrep