23rd April 2018 19:39:54 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස්හි දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ මුළුතැන්ගෙය බ්‍රහස්පතින්දා (19) දින පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජායා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදි විවෘත කරනු ලැබීය.
නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල ප්‍රධාන මුළුතැන්ගෙය වියලි සලාක ගබඩාවක් සහ දෛනික ආහාර ගබඩාවකින් සමන්විත වේ.
බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය ද මෙම උත්සවයේ දී විවෘත කරනු ලැබීය.
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජායා ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම මත එම පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස්හි සහයෝගය ඇතිව 3 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් මෙම නව ගොඩනැගිලි ඉදිකරනු ලැබීය.
Running sneakers | Womens Shoes Footwear & Shoes Online