Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2018 22:43:09 Hours

තිරුවානාකැටිය ලැව්ගින්න පාලනය කරයි

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භඨ පිරිස් විසින් යුහුසුළුව ක්‍රීයාත්මක වී රත්නපුර දිස්ත්‍රික්කයේ මුත්තෙට්ටුව, තිරුවානාකැටිය ප්‍රදේශයේ ඉරිදා (25) දින ඇතිවු ලැව් ගින්න මැඩපවත්වන ලදී.

ඉරිදා (25) දින තිරුවානාකැටිය ප්‍රදේශයේ දහවල් 12 ට පමණ ඇති වු ලැව් ගින්න යුද්ධ හමුදා භඨ පිරිස් විසින් මැඩපවත්වන විට අක්කර 10 ක පමණ භුමි ප්‍රදේශයක් හානි වි තිබිණ.

58 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරාගේ අණදීම යටතේ මෙම ගින්න මැඩපැවැත්වීමේ හදිසි මෙහෙයුම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භඨ පිරිස් සහභාගි වුහ.

jordan release date | Nike Off-White