Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2018 12:28:14 Hours

යුද්ධ හමුදාධිපති ‘ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා-සිවිල් හවුල්කාරිත්වය ගොඩනැගීම’ යන මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය සංගමය අමතයි

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) සහ ශ්‍රී ලංකා වෘත්තීය සමිතිය (OPA) එක්ව සංවිධානය කළ ‘සාමූහික එකමුතුකම : ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා-සිවිල් හවුල්කාරිත්වය ගොඩනැගීම’ පිළිබඳ සම්මන්ත්‍රණය සිකුරාදා (23) දින පස්වරුවේ පැවැත් වූ අතර, මේ සඳහා සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ වෘත්තීකයින් ද සහභාගි විය.

සංවිධායකයින්ගේ ආරාධනයෙන් මෙම උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘සාමූහික එකමුතුකම : ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා-සිවිල් හවුල්කාරිත්වය ගොඩනැගීම’ යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්විය.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමා විසින් සිදු කළ කතාවේ දී ‘විප්ලවවාදය’, ‘ප්‍රචණ්ඩකාරී අන්තවාදය’, ‘ප්‍රචණ්ඩකාරි අන්තවාදයේ ආකෘතින්’, ‘සමාජ-දේශපාලන භංගත්වය’, ‘මර්දනය’, ‘ආර්ථික විෂමතා’ සහ ‘5 ආර් සංකල්පය’ ආදිය පිළිබඳව අවධාරණය කරන ලදි. “මෙය ඔබේ හමුදාවයි. එය සිංහල හමුදාවක් නොවෙයි, එය ශ්‍රී ලංකා හමුදාවයි. වෘත්තිකයන් ලෙස ඔබගේ වගකීම අමාරුවෙන් ගොඩනඟන ලද සාමය පවත්වා ගැනීමයි” යනුවෙන් ද පැවසීය.

ඉන්අනතුරුව, විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එච්.එස් රත්නකීර්ති විසින් සිය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට පැමිණිම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන්ද ශ්‍රී ලංකා වෘත්තීය සමිතියේ සභාපති ඒපී ලලිත් විජේතුංග මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකා වෘත්තීය සංගමය, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකරණය, ගෘහ නිර්මාණ ශිල්පය, නීතිය, කළමනාකරණය, බැංකුකරණය, නගර සැලසුම්, පරිගණක විද්‍යාව, මානව සම්පත් කළමනාකරණය ආදි වෘත්තීන් 30 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වෘත්තිකයින් 60,000 කට වැඩි සමස්ත සාමාජිකත්වයෙන් යුත් වෘත්තීය සංගම් 47 කින් සමන්විත වේ. තවද මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය පදනමේ අනුග්‍රහය යටතේ 1975 දී ආරම්භ කරන ලදි.

latest Running | シューズ