Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2018 10:27:37 Hours

නිදහස් දින සැමරුම වෙනුවෙන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පැළ සිටුවීමේ වැඩසටහනක

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘වන රෝපා’ ව්‍යාපෘතියට සමඟාමීව ‘හරිත පරිසරයක් සහ තිරසාර සංවර්ධනයක්’ යන අරමුණින් 70 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් සඳුදා (05) දින එම විද්‍යාල පරිශ්‍රයේ දී පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේ දී හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහය ඇතිව පළතුරු, ඖෂධීය සහ ආර්ථීක වටිනාකමින් යුතු පැළ 2000 කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල පරිශ්‍රයේ රෝපණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින් සහ විදේශීය ශිෂ්‍ය හමුදා නිලධාරින් ද ඇතුළුව ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

Running Sneakers Store | GOLF NIKE SHOES