Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2018 22:35:13 Hours

බටහිර නව ආරක්ෂක සේනා ආඥාපති රාජකාරි අරඹයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිකුරාදා (02) දින ආගමික වතාවන්ට මුල්තැන දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි නව ආඥාපතිවරයා වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක්, එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින්පිරිනමනු ලැබීය.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිය කාර්යාලයට පැමිණ, ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා කාර්යාලයේ නිල ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළහ.

නව ආඥාපතිවරයා ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.

නව ධුරයේ රාජකාරි භාරගත් නව ආඥාපතිවරයා භට පිරිස් අමතමින් තම අනාගත කාර්යභාරයන් පිළිබඳව මෙහිදි පැහැදිලි කලහ.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල අතර,එතුමන් ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරි ලෙස ද කටයුතු කර ඇත. බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

latest Running Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp