Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2018 18:56:59 Hours

යුද්ධ හමුදා සෞන්දර්ය නිපුණතා විදේශ රටවල ප්‍රසංශාවට ලක්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ (DABDAP) සාමාජිකයින්ගේ සෞන්දර්යාත්මක, සංගීතමය සහ ගායන කුසලතා, යුද්ධ හමුදා ඉතිහාසයේ වැදගත් නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බව විදේශ රටවල් වෙතින් ඔවුන්ගේ ඉදිරිපත් කිරිම් සඳහා ලැබෙන ආරාධනාවන් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ.

විවිධ කණ්ඩායම් වලට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයින් විසින් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් අතර තම නම රන්දා ඇති බැවින්, නවසීලන්තයේ, රුසියාවේ, චීනයේ සහ කයිරෝ, ඇලෙක්සැන්ඩ්‍රියා (ග්‍රීසිය), බර්ලින් (ජර්මනිය), මාලේ (මාලදිවයින) ආදි විශාල නගර වල 2018 වසරෙහි ඉදිරි මාසයන්හි පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් හිදී ඔවුන්ගේ රංග කෞශල්‍යයන් ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

තවද, ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ ආරාධනයක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ගායක ගායිකාවන් ඇතුළු රංගන ශිල්පීන් රැසක් දින හතක සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පසුගිය 31 දින දිවයිනෙන් පිටත් විය.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තවත් සංස්කෘතික කණ්ඩායමක් දින 07 ක සංචාරයක් සඳහා ජර්මනිය බලා 2018 පෙබරවාරි මස 02 දින පිටත්ව යාමට නියමිත අතර, එම කණ්ඩායම යුද්ධ හමුදා සාමාජිකයින් 5 දෙනෙකු, නාවික හමුදා සාමාජිකයින් 5 දෙනෙකු හා ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු‍ගෙන් ‍සමන්විත වේ. මොවුන්ගේ ප්‍රථම ඉදිරිපත් කිරිම බර්ලින් ‍නගරයේදී සහ සෙසු නගර වලදි පැවැත්වීමට නියමිතය.

එසේම, ශ්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් දින සැමරුම් කාලසීමාව තුළදී තවත් කලාකරුවන් රැසක් මාලදිවයින බලා පිටත්විමට නියමිතව ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සංගීත හා සංස්කෘතික කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ නර්තන, ගායන හා කලාත්මක කුසලතා මගින් ඔවුන්ගේ විවිධ හැකියාවන් ප්‍රදර්ශණය කර ඇත. විවිධ වර්ණ සහිත ඇඳුම් ආයිත්තම් වලින් සැරසී පෙරඅපරදිග සංගීත නිර්මාණ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, යුද්ධ හමුදාවට ප්‍රසංශාවක් ලබාදෙමින් කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට ඔවුන් සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයෙහි පොහොසත්කම ප්‍රදර්ශණය කිරිම සඳහා විවිධ නැටුම් සම්ප්‍රදායන් හි ආභාෂය ලැබු සාමාජිකයින් 700 කට වඩා වැඩි පිරිසක් වර්තමානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සේවය කරති.

2017 චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සංස්කෘතික සංදර්ශණය බීජිං හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නර්තන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයෙහි වර්තමාන අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.එච්.එෆ්. යූසුෆ් රාජකාරි කරනු ලබයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් ඔවුන්ගේ විශිෂ්ඨ දක්ෂතාවන් ප්‍රසංශාවට ලක්කර ඇති අතර, ඔවුන්ගේ හැකියාවන් විදේශයන්හිදී විදහා දැක්වීම සඳහා සිය සුභාශිංසනය ද පලකර ඇත.

affiliate link trace | Ανδρικά Nike