Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2018 17:51:13 Hours

නිරෝගීමත් දැයක් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය බත්තරමුල්ලෙන් ඇරඹේ

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධ හමුදා සහ සිවිල් පාපැදි ධාවන ක්‍රිඩකයින් සිය ගණනකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසින් අද (31) උදෑසන ආරම්භ කල අතර, එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි.

යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල්අංශයන් නියෝජනය වන පරිදි පාපැදිකරුවන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ දැවැන්ත පාපැදි සවාරිය යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ප්‍රධානි බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මූලිකත්වයෙන් හා එම කමිටුවේ සමාජිකයින්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදි.

මෙම පාපැදි සවාරිය තලවතුගොඩ, පැලවත්ත, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම, පිටිපන හන්දිය යන නගර පසුකරමින් පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩාගාරය අසලින් අවසන් විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් පිළිගන්නා ලදි.

පාපැදි සවාරියෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටා ඇති ක්‍රීඩා ගම්මානය නැරඹිම සඳහා ද එක්විය.

Buy Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1