Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2018 11:53:20 Hours

‘මහා කරුණා’ දානපතීන් වන්නි ප්‍රදේශයේ සියගණනක් භික්ෂුවහනසේ උදෙසා දානමය පිංකමක් සිදුකොට පාසල් සිසුන් සඳහා ද පාසල් උපකරණ බෙදාදේ

වන්නි ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා සහ තෝරාගත් පාසල් සිසුන් 385 දෙනෙකු වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ලෝක තරුණ බෞද්ධ සංගමය සහ මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් ජනවාරි මස 28 සහ 29 යන දෙදින තුල ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින්වහන්සේගේ අනුග්‍රාහකත්වයෙන් සහ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි සහාය ඇතිව වන්නි ප්‍රදේශයේ 500 කට වැඩි මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයක් ඉරිදා (28) දින පෙරියඋළුක්කුලම සිරි සුමනාරාම විහාරස්ථානයේ දි පැවති අතර වන්නි ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථාන 64 ක් සදහා මූල්‍යාධාර සහ පිඟන් කට්ටල බෙදාදීමක් ද මෙහිදි සිදුකරන ලදී.

තවද, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හට ඔවුන්ගේ දහම් අධ්‍යාපනය සාර්ථකව සිදුකරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදුවු අතර, දානමය පුණ්යකර්මයෙන් පසු වන්නි ප්‍රදේශයේ බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් සදහා දිවා ආහාරය ද ලබාදෙන ලදී.

පසුදින (29) පෙරියඋළුක්කුලම සිරි සුමනාරාම දහම් පාසල සහ අවරන්තුලාව ශ්‍රී චේතියගිරි විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය ලබන තෝරාගත් අඩු ආදයම්ලාභි සිසුන් 385 දෙනෙකු සඳහා මැලේසියානු දානපතින්ගේ අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ සහ ශිෂ්‍යාධාර බෙදා දෙනු ලැබිය.

මෙම දානමය පුණ්‍යකර්මය සහ පාසල් උපකරණ බෙදාදිමේ අවස්ථාවන් සඳහා මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින්වහන්සේ, ලෝක තරුණ බෞද්ධ සංගමයේ මහ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, වව්නියාව දිස්ත්‍රික් ලේකම්, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, වව්නියාව ප්‍රාදේශීය ලේකම් එම්.අයි.එම්.එස් ජානක මහතා, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් ද සහභාගි විය.

පූජ්‍ය මහකච්චිකොඩියේ ධම්මානන්ද ස්වාමින්වහන්සේ සහ පූජ්‍ය පෙරියඋළුක්කුලමේ සුමනතිස්ස ස්වාමින්වහන්සේ ගේ මඟපෙන්විම මත යුද්ධ හමුදාව විසින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සංවිධානය කරන ලද අතර, එය වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන ගජබා රෙජිමේන්තුව සහ 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් හි අණදෙන නිලධාරින් සහ එම භට පිරිස් හි සහයෝගයෙන් සිදුකරන ලදි. මේ සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහ 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් තාරක රත්නසේකර ද එක්විය.

මෙම ශිෂ්‍යත්වලාභින් තෝරාගැනිම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් ප්‍රදේශයේ විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මින් සහ ග්‍රාම සේවක නිලධාරින්ගේ සහය ලබාගන්නා ලදී.

Asics shoes | New Releases Nike