Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2018 13:32:28 Hours

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් 500 දෙනෙකුට ශිෂ්‍යාධාර

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් මේ දිනවල උතුරු පළාත තුල ක්‍රියාත්මක ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 500 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදිමක් සිදුකරන ලදී.

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති පුජ්‍ය මුගුණුවෙල ශ්‍රී සරණංකර ස්වාමින් වහන්සේගේ මඟපෙන්විම මත කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් පරිදි 66 සහ 65 වන සේනාංක මුලස්ථාන විසින් මෙම පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයන් සංවිධානය කරන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ උපදෙස් පරිදි 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂණ වැලිකල සහ එම භට පිරිස් හි සහයෝගය ඇතිව ඉරිදා (28) දින අඩු ආදායම්ලාභි පාසල් සිසුන් 250 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දිමේ උත්සවයක් කිලිනොච්චි ජයපුරම් මහා විද්‍යාලයේ දී පවත්වන ලද අතර, එදින (28) සන්ධ්‍යාවේදී 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ උපදෙස් පරිදි 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක ප්‍රියදර්ශණ සහ එම භට පිරිස් හි සහයෝගය ඇතිව තුනුක්කායි සහ මල්ලාවි ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පාසල් සිසුන් 250 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීම සිදුකරන ලදී.

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින්වහන්සේ සමඟින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවන් සඳහා එක්විය.

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින්, ලෝක තරුණ බෞද්ධ සංගමයේ මහ ලේකම්, ලෝක තරුණ බෞද්ධ සංගමයේ අධ්‍යාත්මික වැඩසටහන් අධ්‍යක්ෂක ජැකෝබ් චෑන් ටෙන්ග් සහෝදරයා (Bro.Jacob Chan Teng), මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ පුජ්‍ය ශ්‍රී සරණංකර නායක ස්වාමින්වහනසේ සහ පුජ්‍ය අනුරාධ ස්වාමින්වහනසේ ඇතුළු විශේෂ අමුත්තන්, 65 සහ 66 වන සේනාංකයන් හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, පාසල් සිසුන් සහ දෙමාපියන් රැසක් ද මේ අවස්ථාවන් සඳහා එක්විය.

best Running shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov