Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2018 17:50:16 Hours

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යෝජිත නව පරිපාලන කාර්යාල සංකිර්ණය වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මුල්ගල තබයි

දඹුල්ල, නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සඳදා (29) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලද සංචාරයේදී එහි අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව කෙටි උත්සවයකින් විවෘත කල අතර ඉන් අනතුරුව විශේෂ බලකා රෙජිමේන්තු පරිශ්‍රයේ යෝජිත නව රෙජිමේන්තු මුලස්ථාන කාර්යාල සංකිර්ණය වෙත මුල්ගල තැබීම ද සිදුකරන ලදී.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමා ඉන් අනතුරුව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පිරිස් විසින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි. පසුව යුද්ධ හමුදාධීපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කිරිමෙන් නව කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව නිල වශයෙන් විවෘත කිරිම සනිටුහන් කරන ලදී. මෙහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමගින් නව කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව නරඹමින් එහි ඇති පහසුකම් පිළිබදව ද ‍සොයා බලන ලදී. අනතුරුව, නව කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලා භුමියේ පැලයක් ද රෝපණ කර ඉන් පසු පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එක්විය.

විශේෂ බලකා රෙජිමේන්තු ‍මධ්‍යස්ථානයේ සරඹ භුමිය ඉදිරිපිට ඉදිකිරිමට නියමිත නව රෙජිමේන්තු ‍මධ්‍යස්ථාන කාර්යාල සංකිර්ණය වෙනුවෙන් මුල් ගල තැබිම ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුකලහ.

විශේෂ බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අණදෙන නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදි අවශ්‍යතාවන් සහ ගැටළු සම්බන්ධව කරුණු විමසා සිටින ලද අතර එම අවස්ථාවේ ඉදිකිරිමට නියමිත නව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සැලැස්ම ද නිරික්ෂණය කරන ලදි.

අනතුරුව, සියළු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්වෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් සෙසු නිලයින්ගේ සුභසාධන කටයුතු සම්බන්ධව ද විමසා සිටින ලද අතර විශේෂ බලකා රෙජිමේන්තු සභාවේ සමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

latest Nike Sneakers | nike air max 95 obsidian university blue book list