Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2018 13:29:24 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලට වසර 33 ක් සපිරේ

යුද්ධ හමුදාවේ පුරෝගාමී පුහුණු ආයතනයක් ලෙස සැලකෙන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 33 වන සංවත්සර දිනය, ඉරිදා (14) දින ආගමික වැඩසටහනක් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සංවිධානය කරමින් අභිමානවත් ලෙස සමරනු ලැබීය.

වර්ෂ 1985 දී ආරම්භ කරන ලද යුද්ධ හමුදා පුහුණු පාසලට අද දක්වා සේනාවිධායකවරුන් 32 අණදීම් සිදුකර ඇති අතර, මෙවර සංවත්සර වැඩසටහන යුද්ධ හමුදා පුහුණු පාසලේ වත්මන් සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ජේ. සෙනෙවිරත්න ගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.

සේනාවිධායකතුමන්, නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් පුහුණු පාසලට සහ සියලුම නිලයින්ට ආශිර්වාද පතා කන්දේගම විහාරස්ථානයේ මහා සංඝයා වහන්සේ වැඩම කරවා දානය පිළිගන්වනු ලැබීය. තවද, හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සේනාවිධායකතුමන් වෙත යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේ දී පිරිනමනු ලැබු අතර, සංවත්සර දිනයට සමගාමීව පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

යුද්ධ හමුදා පුහුණු පාසලේ 33 වන සංවත්සර දිනයට සමගාමීව, කන්දෙගම මහා විද්‍යාලයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන වැඩසටහනක්’ ද සියලු නිලයින්ගේ සහයෝගය ඇතිව පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා පුහුණු පාසලේ සංවත්සර දිනයට සමගාමීව සියලු නිල සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වනු ලැබීය.

Asics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News