Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2018 19:16:48 Hours

යාපනයේ භට පිරිස් වෙතින් සිවිල් වැසියන්ට දේශීය ආයුර්වේද සායනයක්

යාපනයේ සිවිල් ජනතාව දේශීය ඖෂධ (ආයුර්වේද ප්‍රතිකාර) පිළිබඳ දැඩි කැමැත්තක් දක්වනු ලබන අතර, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය ඖෂධ අංශයේ සහයෝගය ඇතිව බදාදා (17) දින චාවකච්චේරි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ජංගම ආයුර්වේද සායනයක් පවත්වනු ලැබීය.

මෙම සායනය සඳහා සහභාගි වූ යාපනය ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසක් බෝ නොවන රෝගවලින් වැළකීම පිළිබඳව වෛද්‍ය උපදෙස් මෙහිදි ලබාගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ පුහුණු වෛද්‍යවරුන් 25 කට වැඩි පිරිසක් සහ ආයුර්වේද වෛද්‍යවරුන් 6 දෙනෙක් මෙම ජංගම සායනය සඳහා සහභාගි වූහ.

මෙම වෛද්‍ය සායනයේ දී රෝගීන් සඳහා ඖෂධ තොගයක් නොමිලේ බෙදාදීම ද සිදු කළ අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ සහ 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක ගේ ආරාධනයෙන් මෙම වෛද්‍ය සායනයේ ආරම්භක අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය ඖෂධ අංශයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය වෛද්‍ය එම්.එච්.එම්. හෆිල් (Dr M.H.M Hafeel) ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගි විය.

මෙම සායනය සඳහා සහභාගි වූවන් වෙත 523 වන බලසේනා භට පිරිස් විසින් ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැපයූ අතර, මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරිම වෙනුවෙන් මෙම වෛද්‍ය කණ්ඩායම විසින් යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාවය ද පළ කළහ.

spy offers | Air Jordan 1 Retro High OG University Blue - Gov