Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 19:49:39 Hours

3 වන ගජබා රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනයට සමගාමීව මාන්කුලම් සිවිල් වැසියන්ට පැළ බෙදාදීමක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, 2018 ජනවාරි මස 12 වන දිනට යෙදුණු 32 වන ඒකක සංවත්සර දිනයට සමගාමීව ආගමික වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම සංවත්සර වැඩසටහන ‘බෝධි පූජා’ පිංකමක් බලඇණි මූලස්ථාන පරිශ්‍රයේ පවත්වමින් ආරම්භ වූ අතර, ක්‍රිකට්, පා පන්දු සහ බැට්මින්ටන් තරඟාවලි ඇතුළු ක්‍රිඩා ඉසව් රැසක් සංවත්සර දින වැඩසටහන් මාලාවට ඇතුලත් විය.

සංවත්සර දිනයේ දී 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බලඇණි අණදෙන නිලධාරි තුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, පසුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අණදෙන නිලධාරි තුමන් සමුහ ඡායා රූපයක් සඳහා ද පෙනී සිටියහ. ක්‍රීඩා දක්ෂතා දැක්වුවන් වෙනුවෙන් කුසලාන සහ සහතික පත් පිරිනැමු අණදෙන නිලධාරි තුමන් බලඇණියේ සියලුම නිලයින් අමතා සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. මීට අමතරව, සන්ධ්‍යාවේ බලඇණි මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී වර්ණවත් සංගීත රාත්‍රියක් පවත්වනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව, මාන්කුලම් සිවිල් වැසියන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ආර්ථික වටිනාකමින් යුත් පැල තොගයක් බෙදාදෙනු ලැබීය.

3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, සියලුම නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම සංවත්සර වැඩසටහන සඳහා සහභාගි විය.

Buy Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5