Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 19:44:05 Hours

ගුවන් සංග්‍රාමික බලසේනාවට නව පරිඝණක විද්‍යාගාරයක්

53 වන සේනාංකයට අයත් ගුවන් සංග්‍රාමික බලසේනාවේ භට පිරිස්, Merchant Bank of Sri Lanka and the Finance PLC (MBSL) වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එම බලසේනාවට ඉදිරියේ දී පරිඝණක විද්‍යාගාර පහසුකම් අත්වීඳිමට අවස්ථාව සැලසී ඇත.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිඩ්පිගේ මූලිකත්වයෙන් ඉරිදා (14) දින පැවති උත්සවයේ දී මෙසේ අභිනවයෙන් ඉදි කරන ලද මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර් යන්ත්‍ර, පරිඝණක යන්ත්‍ර 16 ක් සහ විශේෂිත දේශණ ශාලාවකින් ද යුතු නව තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය උත්සවාකරයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙ අවස්ථාව සඳහා Merchant Bank හි සභාපති ආචාර්ය සුජීව ලොකුහේවා මහතා, අනෙකුත් නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

ඇඹිලිපිටිය ගුවන් සංග්‍රාමික බලසේනා මූලස්ථානයේ මෙසේ ස්ථාපනය කරන ලද තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය හරහා 53 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට තොරතුරු තාක්ෂණය පිළිබඳව පාඨමාලාවන් හැදෑරිමට අවස්ථාව සැලසෙනු ඇත.

Nike Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ