Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2017 23:11:59 Hours

සමාජ ‍වෙබ් අඩවිවල අහිතකර බලපෑම පි‍‍‍‍‍‍‍‍‍‍ළිබඳව දේශණයක්

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් (වෛද‍්‍ය) එච්.ටි වික්‍රමසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදාදා (20) නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී සමාජ වෙබ් අඩවිවල ‍භාවිතයේදි ඇතිවන අහිතකර බලපෑම් සබැඳිව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) සහයෝගය ඇතිව දේශණයක් පවත්වන ලදි.

සමාජ මාධ්‍යයන් ධනාත්මකව භාවිතා කළ යුතු ආකාරය සහ එහි සියලු අහිතකර බලපෑම් ඇති කිරීමේ ශාරීරික, මානසික සහ සමාජ ආතතිය අඩු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී.

පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සහ තොරතුරු විශ්ලේෂක පූර්ණ වික්‍රමසිංහ මහතා මෙහිදී දේශණ පැවැත්වූහ.

යුද්ධ හමුදා මූලස්ථාන ශාඛාවන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන්හි නිළධාරින් සහ සෙසුනිළයින් 350 කට අධික පිරිසක් මෙම දේශණය සඳහා සහභාගි වූහ.

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වැඩසටහන් ඉදිරියේදී සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන හා හමුදා ආයතන වෙත ව්‍යාප්ත කිරීමට අදහස් කර සිටියි.

spy offers | Autres