22nd December 2017 17:48:52 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි වන්නිආරච්චි ගේ මඟපෙන්විම යටතේ ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් බදාදා (13) දින සිය 10 වන සංවත්සරය සමරන ලදි.
59 වන සේනාංක පරිශ්රයේ පිහිටි විහාරස්ථානයේ දී විශේෂ බෝධි පූජා පිංකමක් පවත්වා සංවත්සර වැඩසටහන් මාලාව ආරම්භ කළ අතර, මුලන්කාවිල් ජුම්මා පල්ලිය, වට්ටප්පලෙයි කන්නගි අම්මන් කෝවිල සහ මුලතිව් ශාන්ත ජූඩ්ස් දේවස්ථානයේ දී ද ආගමික වතාවත් සිදු කරන ලදි.
සංවත්සරය වෙනුවෙන් භට පිරිස් විසින් කිලිනොච්චි මහා දේව ආශ්රමයේ ළමුන් 350 ක් වෙනුවෙන් දිවා ආහාර වේලක් ද ලබාදෙන ලදි.
සංවත්සර දිනයේ දී (දෙසැම්බර් මස 13) මේජර් ජෙනරාල් එන්.ඩි වන්නිආරච්චි වෙත 24 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.
තවද, අන්තර් බලඇණි ක්රිකට් තරඟාවලියේ අවසන් තරඟය ද සංවත්සර දිනයේ සේනාංකාධිපති ඉදිරියේ පවත්වන ලදි.
නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මේ සඳහා සහභාගි වූහ.
සංවත්සර වැඩසටහන් මාලාවේ අවසන් අදියර ලෙස සියලු නිලයින් අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් සියලු නිල දිවා භෝජන සංග්රහයක් ද පවත්වන ලදි.
jordan release date | Air Jordan