Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 17:24:02 Hours

පළමු අන්තර් රෙජිමේන්තු මුආයිතායි තරඟාවලිය නිමාවට පත්වේ

යුද්ධ හමුදා මුආයිතායි කමිටුව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ආධුනික මුආයිතායි ශුරතාවලිය ඉරිදා (17) දින අසේලපුර 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආධුනික මුආයිතායි නීති රෙගුලාසිවලට අනුකූලව පවත්වන ලදි.

බර පන්ති 10 ක් යටතේ පිරිමි තරඟකරුවන් 40 දෙනෙකු හා බර පන්ති 05 ක් යටතේ කාන්තා තරඟකරුවන් 05 දෙනෙකු ද මෙම තරඟාවලියේදී තරඟ වැදුනි. තරගකරුවන්ට විනාඩි 02 ක කාළසීමාවක් තුලදී තරග වට 03 කට සහභාගි විය යුතුව තිබු අතර, එක් එක් තරග වටයන් අතර විනාඩියක විවේක කාලසීමාවක් ඇතුලත්ව තිබුණි. මෙහිදී සියළුම ක්‍රීඩකයින් තම කුසලතාවයන්, ආත්ම ශක්තිය හා ජවය මනාව ප්‍රදර්ශණය කරන ලදි.

යුද්ධ හමුදා මුආයිතායි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායකගේ අධික්ෂණයෙන් මෙම තරඟාවලිය පැවැත්විණ.

කමාන්ඩෝ රෙජිමේන්තුව පිළිවෙලින් පිරිමි අංශයේ තරග 02 ක ජයග්‍රහණයන් සහ එක් තරගයක අනුශුරතාවය ද දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූහ. එසේම ශ්‍රී ලංකා සංඥා බලකාය සහ විජයබාහු පාබල රෙජිමේන්තුව පිළිවෙලින් ජයග්‍රහණ 01 ක් ද අනුශුරතා 02 ක්ද බැගින් හිමි කරගනිමින් තරගාවලියේ දෙවන ස්ථානය හිමිකරගන්නා ලදි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ඉංජිනේරු සේවා බලකාය ද පිළිවෙලින් එක් තරග ජයග්‍රහණයක් සහ තවත් තරගයක් අනුශූරතාවය හිමි කරගනිමින් තෙවන ස්ථානයට හිමිකම් කීහ.

කාන්තා අංශයේ තරග වටයන්හිදී, 5 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය තරග 03 ක ජයග්‍රහණ ද, 2 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ජයග්‍රහණ 01 බැගින් ද වාර්තා කල අතර, සමස්ථ තරගාවලියට තරග සටන් 33 ක් ඇතුලත් විය.

මෙම තරඟාවලියට ප්‍රථමව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුආයිතායි කමිටු සමාජිකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුආයිතායි කමිටුව විසින් නිර්දේශිත ‘ඛාන්’ පරීක්ෂණය සඳහා සිකුරාදා (15) දින පෙනි සිටින ලදි. ආධුනික හා උපදේශණ පුහුණු පාඨමාලා සිසුන් ජාත්‍යන්තර තරග නීති සහ රෙගුලාසින්ට අනුකූලව වර්ගීකරණය කරන ලද අතර, සිසුන් මුආයිතායි සටන් කලාවේ අත් පා පහරදීම් ක්‍රම මෙහිදී මනාව ප්‍රදර්ශණය කරන ලදි.

එසේම පිළිගත් ‘‍මුආයිබොරාන්’ ශිල්පීය උපදේශණයන්ට අනුව විශේෂ බලකා, කමාන්ඩෝ, ප්‍රගුණ වෙඩික්කරුවන්, බුද්ධි බලකා සාමාජිකයින් සහ උපදේශක පිරිසද පරික්ෂණයන්ට භාජනය කරන ලදි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකයින්ද ඔවුන්ගේ ආත්මාරක්ෂක සටන් ශිල්පීය හැකියාවන් පිළිබඳව පරික්ෂණයන්ට භාජනය කරන ලදි.

jordan Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival