Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 19:08:17 Hours

කි‍ලිනොච්චියේ නත්තල් බැති ගී

කි‍ලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය මගින් උදාවන නත්තල් සමය තුල විවිධ ජන කොටස් අතර ආගමික සංහිදියාව සහ සාමය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී බදාදා (20) දින පැවැත්විණ.

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් මත 571 බල සේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රී ගේ අධික්ෂණ‍යෙන් 571 වන බල සේනාවේ භට පිරිස් විසින් මෙම වාර්ෂික නත්තල් බැති ගී සැඳැව සංවිධානය කරන ලදී.

මෙම නත්තල් බැති ගී සැඳැවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස යාපනය රදගුරු පදවි අනුනායක ගරු පුජක පී.ජේ. ජෙබරත්නම් පියතුමන් සහ මන්නාරම රදගුරු පදවි අනුනායක ගරු පුජක වික්ටර් සුසෛ පියතුමන් සමගින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ද සහභාගි විය.

මෙම නත්තල් බැති ගී සන්ද්‍යාවේදි භාරතීපුරම් බැප්ටිස් දේවස්ථානයේ නර්තන කණ්ඩායම විසින් පිළිගැනිමේ නර්තනය ඉදිරිපත් කරන ලද අතර, ගරු පුජක විග්නේෂ්වරන් පියතුමන් විසින් බයිබලයේ ශුද්ධ වු වැකි භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශ කරන ලද අතර, යාපනය රදගුරු පදවි අනුනායක ගරු පුජක පී.ජේ. ජෙබරත්නම් පියතුමන් විසින් නත්තල් දින පණිවිඩය ප්‍රකාශ කරන ලදී.

මෙම බැති ගී සන්ද්‍යාවේදී සාමය සහ සංහිදියාව සංකේතවත් කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පීළිබද බැති ගී ගැයුනු අතර කිලිනොච්චී ආරක්ෂක සේනා මුලස්ථාන බැති ගී කණ්ඩායම සමගින් භාරතීපුරම් බැප්ටිස්ට් දේවාස්ථාන ගීතිකා කණ්ඩායම, මුරුක්කන්ඩි ශාන්ත පාවුළු දේවස්ථාන ගීතිකා කණ්ඩායම, සෙලවනගර් ශුද්ධෝත්තම දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම, වලෙයිපාඩු ශාන්ත අන්තෝනි දේවස්ථාන ගීතිකා කණ්ඩායම, කිලිනොච්චි ඇන්ග්ලිකන් දේවස්ථාන ගීතිකා කණ්ඩායම, කිලිනොච්චි ශාන්ත තේරේසා දේවස්ථාන ගීතිකා කණ්ඩායම සහ පල්ලිකුඩා ශාන්ත අන්තෝනි දේවස්ථාන ගීතිකා කණ්ඩායම නත්තල් බැති ගී සඳහා දායකත්වය ලබාදෙන ලදී.

අවසාන වශයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ පැවති මෙම සාමකාමි නත්තල් බැති ගී සන්ධ්‍යවේදි සංහිදියාව මුල් කරගනිමින් සියළුම බැති ගී කණ්ඩායම් එකම බැති ගී කණ්ඩායමක් ලෙසින් ‘නත්තල් සුභ පැතුම්’ සහ ‘නත්තලේ සාමය’ ගිතීකා මඟින් ඉදිරිපත් කරන ලදි.

මෙම නත්තල් බැති ගී සන්ධ්‍යාවට සමඟාමිව මීගමුව රොටරි සමාජය විසින් කුඩා දරුවන් වෙනුවෙන් පාසල් පොත් බෑග් 150 ක් පරිත්‍යාග කරන ලද අතර යාපනය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල කවුන්සිලර් ‍ජෙනරාල් ඒ. නඩරාජා මහතා විසින් කථාවක් ද පවත්වන ලදී.

යාපනය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල කවුන්සිලර් ‍ජෙනරාල් ඒ. නඩරාජා මහතා, ‍වන සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, 66 වන සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් කිලිනොච්චි ආරක්ෂක සේනා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2017 නැරඹීම සඳහා එක් ව සිටියහ.

Running Sneakers | Nike Shoes