Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 07:52:26 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සෙනසුරාදා (09) දින කිලිනොච්චි පරවිපන්චාන් ක්‍රීඩාංගණයේ දී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.

පස් මසක් පුරා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු මූලස්ථානයන් හා ඒකකයන් අතර පැවති තරඟයන්හිදී විශේෂ දස්කම් පෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතිකපත්‍ර පිරිනැමීම ද මෙහිදී සිදුවිය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ උපදෙස් සහ මඟපෙන්විම යටතේ එම සේනාංකය ක්‍රිකට් සහ කඹ ඇඳිමේ තරඟ සංවිධානය කළ අතර, කඹ ඇඳිමේ අවසන් තරඟය ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් ඉදිරියේ පවත්වන ලදි.

යුද ශාරිරීක අභ්‍යාසය සහ එල්ලේ තරඟය, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මඟපෙන්විම යටතේ එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබීය.

එල්ලේ තරඟාවලියේ අවසන් තරඟය පරවිපන්චාන් ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (09) දින පැවැත්විය.

මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

ක්‍රිකට්

ශූරතාවය - 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව

අනුශුරතාවය - ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව

තරඟයේ වීරයා - ලාන්ස් කෝප්‍රල් එම්.එච්.එන්.යූ හේවගේ - 7 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව

දක්ෂතම පන්දු යවන්නා - ලාන්ස් කෝප්‍රල් පී.එන්.ඒ පතිරණ - 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව

දක්ෂතම පිතිකරු - සාමාන්‍ය සෙබල යූ.එච්.ජේ මනොජ් - 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව

යුද ශාරිරීක අභ්‍යාස

ශුරතාවය - 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

අනුශුරතාවය - 10 ශ්‍රී ලංකා පාබල හමුදාව

හොඳම අණදෙන නිළධාරී - මේජර් ඩබ්ලිව්.ඒ.එස්.එස් බණ්ඩාර - 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව

හොඳම ඛණ්ඩභාර නිළධාරී - කපිතන් ආර්.එම්.ඒ.ජී රත්නායක - 9 විජයබාහු පාබල රෙජිමේන්තුව

හොඳම පෙළ අණදෙන්නා - 2/ලුතිතන් පී.ජී.ජී සම්පත් - 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

හොඳම රෙජිමේන්තු සැරයන් මේජර් - බළලත් නිළධාරී 1 ජී සුසන්ත - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

හොඳම ඛණ්ඩභාර සැරයන් මේජර් - බළලත් නිළධාරී 1 ඩබ්ලිව්.පී.ඒ.සී වීරසිංහ - 1 ගජබා රෙජිමේන්තුව

හොඳම පෙළ භාර සැරයන් - සැරයන් එල්.ආර්.ඒ.ඒ රණසිංහ - 9 විජයබාහු පාබල රෙජිමේන්තුව

හොඳම කෝප්‍රල් - කෝප්‍රල් පී.ජී.ඩී.එන්.එස්.සී රණතුංග - 18 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

හොඳම ලාන්ස් කෝප්‍රල් - ලාන්ස් කෝප්‍රල් ඩී.කේ.එස් ඩයස් - 20 ශ්‍රී ලංකා පාබල හමුදාව

හොඳම සාමාන්‍ය සෙබළා - සාමාන්‍ය සෙබළ එම්.එම්.පී.කේ මල්ගම්මන - 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කඹ ඇදීම

ශූරතාවය - 10 ශ්‍රී ලංකා පාබල හමුදාව

අනුශූරතාවය - 19 ශ්‍රී ලංකා පාබල හමුදාව

තුන්වන ස්ථානය - 24 ගැමුණු හේවා බළකාය

එල්ලේ

ශූරතාවය - 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව

අනුශූරතාවය - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

හොඳම පිතිකරු - සාමාන්‍ය සෙබළ යූ.එච්.අයි මනෝජ් - 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව

හොඳම පන්දු රකින්නා - සාමාන්‍ය සෙබළ ටී.එම් හේරත් - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

තරඟයේ වීරයා - සාමාන්‍ය සෙබළ යූ.එච්.අයි මනෝජ් - 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව

Sports Shoes | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD