Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 21:06:14 Hours

ඇතුගල්පුර පැවති ජාත්‍යන්තර චෙස් ශූරතාවය 2017 හි ජය යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින්ට

කුරුණෑගල “ඇතුගල්පුර නයිට් ෆ්ලේම් චෙස් සමාජය” විසින් 9 වන වරටත් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ප්‍රමිතීන්ට අනුකූලව බ්ලු ස්කයි හෝටල් භූමියේදි දෙසැම්බර් මස 14 සිට 18 දක්වා වෙළද සේවා සහ රාජ්‍ය අංශ කාණ්ඩයෙන් පවත්වනු ලැබු චෙස් ශූරතා තරගාවලියේ දී යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් පිළිවෙලින් ශූරතාවය සහ අනු ශූරතාවය හිමි කර ගන්නා ලදි.

දිවයිනේ සිව් දෙසින් කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයින් 600 කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගි වූහ.

වෙළද සේවා සහ රාජ්‍ය අංශ කාණ්ඩයේ ශුරතාවය සහ අනුශුරතාවය මෙසේ පිළිවෙලින් යුද්ධ හමුදා ‘A’ සහ ‘B’ කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදි.

මේ අතර, ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් කපිතාන් ඩබ්ලිව්.ඒ.ටි.ඩි. සුමනදාස විසින් තුන්වන ස්ථානය ලබාගන්නා ලදි.

ඊට අමතරව, විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් එස්.එස්.එම්.ඩි.එම්. සුරවීර විසින් දෘෂ්‍යබාධිත අංශයේ ජයග්‍රහකයාට හිමි කුසලානය ද හිමිකර ගත්හ.

ලෝක චෙස් සම්මේලනය (FIDE) සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය වෙනුවෙන් ඇතුගල්පුර නයිට් ෆ්ලේම් චෙස් සමාජය විසින් මෙම ජාත්‍යන්තර මට්ටමේ විවෘත චෙස් තරගාවලිය සංවිධානය කරන ලදි.

සංවිධායක කමිටුවේ ආරාධනයෙන් සදුදා (18) දින පැවති අවසන් තරගාවලියේදි ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය සහභාගි විය.

ජයග්‍රාහකයින් පහත පරිදි වේ.

යුද්ධ හමුදා ‘A’ කණ්ඩායම

කපිතාන් ඩබ්ලිව්.ඒ.ට්‍.ඩි. සුමනදාස - ශ්‍රී ලංකා සංඥා බලකාය

කෝප්‍රල් එම්.ඒ.ජි.ඒ.පී. බණ්ඩාර - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.පි.පි.ජි.එස්. ප්‍රේමතිලක - ශ්‍රී ලංකා පාබල හමුදාව

ලාන්ස් කෝප්‍රල් ඩි.එන්.එස්. ද සිල්වා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

සංඥා සෙබළ අයි.ඩි.ඩි. මධුශංක - ශ්‍රී ලංකා සංඥා බලකාය

යුද්ධ හමුදා ‘B’ කණ්ඩායම

ලුතිතන් කර්නල් වයි.එම්.එස්.ඩි.කේ. යාපා - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

ලුතිතන් ඊ.ඩී.එස්. ලක්මාල් - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කෝප්‍රල් එස්.එස්.එම්.ඩි.එම්. සුරවීර - විජයබාහු පාබල රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් එම්. අමරවීර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ රෙජිමේන්තුව

best shoes | Nike Releases, Launch Links & Raffles