Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2017 11:56:02 Hours

යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් 30 දෙනෙකුට මුයිතායි පුහුණුව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ මළල ක්‍රීඩකයින් 30 දෙනෙකු පසුගිය දා ශ්‍රී ලංකා මුයිතායි සංවිධානය විසින් මහනුවර දිගන ක්‍රීඩා සංකීර්ණයේ සංවිධානය කරනු ලැබු ජාත්‍යන්තර පුහුණු කඳවුරකට සහභාගි වුහ.

ලෝක පූජිත වෘත්තීය මුයිතායි විශීෂ්ඨයකු වන ලෙඩ්සිලා චුම්පාර් (Ledzilla Chumpair) ශ්‍රී ලංකා මුයිතායි සංවිධානයේ පුහුණුකරුවන් සමගින් පවත්වන ලද මෙම පුහුණු කඳවුරට විවිධ පළාත් වලින් මළල ක්‍රීඩකයින් සහ නිලධාරින් 350 දෙනෙකුට වැඩි පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, යුද්ධ හමුදා මළල ක්‍රීඩා පුහුණුකරු කර්නල් පි.පි.සි. පෙරේරා ඇතුළු මළල ක්‍රීඩකයින් 25 ක් සහ මළල ක්‍රීඩිකාවන් 5 දෙනෙකු මෙම පුහුණු වැඩසටහනේ දී යුද්ධ හමුදාව නියෝජනය කළහ.

මෙම පුහුණු වැඩමුළුවේ දී පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පුහුණු අභ්‍යාස සහ තාක්ෂණික දැනුම යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින්ට ලබාගැනීමට මෙය අවස්ථාවක් වු අතර, සිවිල් සමාජයේ අනෙකුත් මළල ක්‍රීඩකයින් සමඟ එක්ව පුහුණුවිමට අවස්ථාව ද මෙහිදි සැලසිණි.

ජාත්‍යන්තර තරඟ සහභාගිවිම් පිළිබඳ සම්බන්ධිකාරක මිරාන් මිලංග මහතා, ශ්‍රී ලංකා මුයිතායි සංගමයේ සභාපති අශේක් ජයරත්න මහතා සහ ක්‍රීඩා ලෝලීන් රැසක් පුහුණු සමාප්ත උළෙලට සහභාගි විය.

මුයිතායි හේවත් තායි බොක්සිං තායිලන්තයේ සටන් ක්‍රීඩාවක් වන අතර, ලෝක ක්‍රීඩාවන් යටතට ද ගැනේන මෙහිදි නැගි සිට ප්‍රතිවාදියාව මානුෂික සහ කායික සංයමයකින් බැදි මුෂ්ඨි ප්‍රහාර එල්ල කරනු ලබයි. සටන් කාලවක් ලෙස ද හැදින්වෙන මුයිතායි ක්‍රීඩාවේදි මුෂ්ඨි, වැලමිටි, දණහිස් අධාරයෙන් ප්‍රහාර එල්ල කරමින් සිදු කරන ක්‍රීඩාවකි.

Authentic Nike Sneakers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp